උතුරේ ජන­තා­වට කෙටි කල­කින් තම විදෙස් ගමන් අව­ශ්‍යතා ඉටු­කර ගත හැකියි | දිනමිණ

උතුරේ ජන­තා­වට කෙටි කල­කින් තම විදෙස් ගමන් අව­ශ්‍යතා ඉටු­කර ගත හැකියි

මහින්ද අලුත්ගෙදර

යාප­නය, පලාලි ගුවන් තොටු­පළ අන්ත­ර්ජා­තික මට්ට­මට ගෙන­ඒ­මත් සමඟ ජාත්‍ය­න්තර ගුවන් මෙහෙ­යුම් කට­යුතු ආරම්භ කිරීම හේතු­වෙන් උතුරේ ජන­තා­වට ඉතා කෙටි කාල­ය­කින් තම විදෙස් ගමන් අව­ශ්‍යතා ඉටු­කර ගැනී­මට හැකි­වන බව ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණ­තුංග මහතා ප්‍රකාශ කරයි.

මෙය ශ්‍රී ලාංකේය ගුවන් ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක්ක­ර­න්නක් බව පෙන්වා දෙන ඒ මහතා අවම මුද­ල­කින් හා අවම කාල­ය­කින් උතුරේ ජන­තා­වට ගුවන් අව­ශ්‍යතා ඉටු­කර ගැනී­මට හැකි­වන බවද මෙය සම­ස්ත­යක් ලෙස රටේ ආර්ථි­කය ශක්ති­මත් කර­න්නක් බවද පෙන්වා දෙයි.

ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ යාප­නය, පලාලි ගුවන් තොටු­පළ ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළක් ලෙස සංව­ර්ධ­නය කිරීමේ කට­යුතු ආරම්භ කිරීම වෙනු­වෙන් ඊයේ (05) පෙර­ව­රුවේ පැවති උත්ස­වය අම­ත­මිනි.

යාප­නය පලාලි ගුවන් තොටු­පොළ සංව­ර්ධ­න­යට දැනට ආයෝ­ජ­නය කෙරෙන මුදල රුපි­යල් මිලි­යන 2,250 ක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජ­යෙන් රුපි­යල් මිලි­යන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපි­යල් මිලි­යන 300ක් යොද­වයි. ව්‍යාපෘ­තිය අදි­යර තුනක් යටතේ ක්‍රියා­ත්මක කෙරෙන අතර එහි පළමු අදි­යරේ දී දැන­ට­මත් ගුවන් යානා මෙහෙ­යුම් කට­යුතු සඳහා භාවි­ත­යට ගැනෙන ප්‍රධාන ධාවන පථ­යෙහි මුල් මීටර් 950 අලු­තින් ඇති­රීම සිදු­කෙරේ. ඒ සම­ඟම ආසන 72ට අඩු Bombardier @ - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුව­න්පොළේ හැසි­ර­වීමේ අව­ස්ථාව උදා­වන අතර ව්‍යාපෘ­තියේ දෙවැනි අදි­යරේ දී සිදු­කෙ­රෙන්නේ එම ප්‍රධාන ධාව­නය පථය කිලෝ මීටර් 1.5 දක්වා අලු­තින්ම ඇති­රී­මයි.

එහිදී වැඩි­දු­ර­ටත් අර්ජුන රණ­තුංග මහතා මෙසේද කීය.

ජනා­ධි­පති සහ අග­මැ­ති­ව­ර­යාගේ මඟ පෙන්වීම යටතේ පලාලි ගුවන් තොටු­පළ ජාත්‍ය­න්තර කලා­පීය ගුවන් තොටු­පො­ළක් ලෙස සංව­ර්ධ­නය කර­නවා. 2015 මැති­ව­ර­ණ­යෙන් පසුව ජනා­ධි­පති සහ අග­මැති දෙදෙ­නා­ගේම විශේෂ අව­ධා­න­යක් යොමුව තිබෙ­නවා උතුරේ සංව­ර්ධ­නය ගැන. යුද ගැටුම් පැවැති කාලයේ සංව­ර්ධ­නය නොවී තිබුණේ මේ උතුරු හා නැඟෙ­න­හිර පළාත්. වරාය ඇමැ­ති­ව­රයා ලෙස කන්ක­ස­න්තුර වරාය සංව­ර්ධ­නය කරන්න අපිට හැකි­වුණා. ඒ වගේම ධීවර ජන­තාව වෙනු­වෙන් බෝට්ටු සහ­තික ලබා­ගැ­නීමේ දී මේ පළා­තෙන්ම ගන්න හැකි­යාව ලබා­දුන්නා. දූපත් අතර තිබුණු ගමන් මාර්ග සංව­ර්ධ­නය කළා. උතුරේ දේශ­පා­ල­න­ඥ­යන් පම­ණක් නොව ජන­තා­වත් ඒ සම්බ­න්ධ­යෙන් අපෙන් ඉල්ලීම් කළා. ත්‍රිකු­ණා­ම­ලය තෙල් ටැංකි 16ක් ලබා­ගන්න අපි පිය­වර ගත්තා. යාප­නයේ තෙල් ටැංකි සංකී­ර්ණ­යක් සාදන්න පිය­වර ගත්තා. මේ ගුවන් තොටු­පොළ උතුරු සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළේ මෙන්ම විශාල ලෙස මේ ජන­තා­වට අවශ්‍ය තිබුණා. 2015 සිට මේ සම්බ­න්ධ­යෙන් අපි සාකච්ඡා කළා. අග­මැ­ති­ව­රයා මූලි­ක­ත්වය ගෙන ඉන්දි­යානු රජය සමඟ මේ සංව­ර්ධන කට­යුතු සඳහා සති­යට වරක් හෝ රැස්වීම් තබා මේ ගැන දැනු­වත් කළා.

මේ ප්‍රදේ­ශ­වල ඉන්න ජන­තාව පැය ගණ­නක් නාස්ති­කර කටු­නා­යක ගුවන් තොටු­ප­ළට එනවා. දකුණු ඉන්දි­යා­වට යන්න කටු­නා­යක සිට පැයයි. නමුත් දවස් භාග­යක් ඒ වෙනු­වෙන් ගත­වෙ­නවා මේ ජන­තා­වට දකුණු ඉන්දි­යා­වට යන්න. දවස් බාග­යක් පාරේ ඉන්නේ. ඒ නිසා මේකට මූලි­ක­ත්වය දෙන්න අපි තීර­ණය කළා. මූලි­කව කලා­පීය ගුවන් තොටු­පො­ළක් බවට පත්ක­ර­නවා. ඉන්දීය රජය අපි සමඟ සාකච්ඡා කර අපිට ආධා­ර­යක් ලබාදී තිබෙ­නවා. ගුවන් අංශයේ ලේක­ම්ව­රයා පැමිණි පසුව ඒ ආධා­රය වැඩි­කර ගන්න අපි ඉල්ලී­මක් කළා. අපිට ලිඛි­තව ඉල්ලී­මක් කරන්න කියා එතුමා කිවුවා. මේ ගුවන් තොටු­පොළ අගෝස්තු මාසයේ දී වැඩ අව­සන් කර­නවා. ලොකු ගුවන් ගම­නක් නොවන ආසන සිය­යට ආසන්න ගුවන් යානා ගෙන­යන වැඩ­පි­ළි­වෙළ ආරම්භ කර­නවා. ඒ වෙනු­වෙන් දාය­ක­ත්වය දුන් සැමට මගේ ගෞර­වය පිරි­න­ම­නවා. මේ ප්‍රදේ­ශයේ ඉන්න දේශ­පා­ල­න­ඥ­යන් අපෙන් ඉල්ලී­මක් කර තිබෙ­නවා පලාලි ගුවන් තොටු­පළ සංව­ර්ධ­නය කරන්න කියා. ඒ වැඩ­පි­ළි­වෙළ අපි හදා තිබෙ­නවා.

අපි මේ අමා­ත්‍යාං­ශය ගත්ප­සුව ලංකා ගමනා ගමන මණ්ඩ­ල­යට, දුම්රි­යට උතුරු නැගෙ­න­හි­රින් රැකියා සඳහා ගන්නේ නම් මේ ප්‍රදේ­ශ­ව­ලින්ම තරු­ණ­යන් ගන්න රජය තීර­ණය කර තිබෙ­නවා. ඒ අනුව ඉදි­රියේ දී එන රැකියා සියල්ල මේ තරු­ණ­යන්ට දෙන්න තීර­ණය කර තිබෙ­නවා. අධි සුඛෝ­ප­භෝගී බස්රථ 2000ක් ගෙන්වන්න පිය­වර ගෙන තිබෙ­නවා. නමුත් ඒවා පසු­ප­සට අදින නිල­ධා­රීන් ද ඉන්නවා. මම ඒ ගැන කණ­ගාටු වෙනවා. අපි වසර ගණ­නා­වක් ලොරි චසි­වල සවි­කළ බස්වල ගියේ. නමුත් අද රටේ වාහන වැඩි වී තිබෙ­නවා. දුම්රිය සහ සුඛෝ­ප­භෝගී බස්රථ නැති­වී­මත් මේ වාහන වැඩි­වී­මට හේතු වී තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් දුම්රියේ විශාල පිරි­සක් යනවා. උතුරු දකුණු යා කරන ක්‍රම­වේ­දය දැන් දුම්රි­යෙන් පම­ණක් නොව ගුව­නින් එක්කර තිබෙ­නවා. මේ රටේ අපි සියලු ජාතීන් එකට වැඩ­ක­ර­නවා. එකට ඉදිමේ හැකි­යාව වර්ධ­නය කර­මින් නැතිව ගිය සබ­ඳතා ඇති­ක­රන්න අපි අපේක්ෂා කර­නවා. මම වසර 14ක් වන­විට ක්‍රික­ට්ව­ලට එන්න ලැබුණා. ආනන්ද විද්‍යා­ලයේ සිටිය දී යාප­නයේ තර­ග­ව­ලට අපි එදා ආවා. මෙහි ක්‍රීඩ­ක­යන් අපිට හොඳට සල­ක­නවා.

පසු­ගිය කාලයේ සංහි­ඳි­යාව ඉදි­රි­යට ගෙන යන්න විශාල වැඩ­ස­ට­හන් කර තිබෙ­නවා. අද වන­විට විශාල සංව­ර්ධ­න­යක් කර තිබෙ­නවා. නමුත් අපේ ආණ්ඩුව වැඩිය ඒවා පෙන්වන්නේ නැහැ. වැඩ නොකර ඇතැම් ආණ්ඩු විශාල වශ­යෙන් පෙන්වපු කාල­යක් තිබුණා. අගොස්තු අග වන­විට ගුවන් ගමන් ආරම්භ කරන්න පිය­වර ගන්නවා.

ප්‍රවා­හන හා සිවිල් ගුව­න්සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේ­සිංහ මහතා-

අද උතු­රට පම­ණක් නොව රට­ටම විශේෂ දව­සක්. මීට වසර 40කට පෙර ජාත්‍ය­න්තර ගුවන් තොටු­පො­ළක් බවට පත්ව තිබු­ණත් යුද්ධය නිසා ගුවන් හමු­දාවේ තොටු­පො­ළක් බවට පත්ව තිබූ පලාලි ගුවන් තොටු­පොළ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පො­ළක් බවට පත්ක­රන නිසා. මේ අව­ස්ථාව උදා­කර දුන්නේ අග­මැ­ති­ව­ර­යාගේ විශේෂ උන­න්දුව නිසයි. මේ වසරේ අගෝස්තු 1 දා වන­විට කලා­පීය ගුවන් තොටු­පො­ළක් බවට කරන්න ඕනෑ වුණා. ඒ නිසා අපි සාකච්ඡා කිරී­මෙන් පසුව අදි­යර තුනක් යටතේ මේ ගුවන් තොටු­පොළ සංව­ර්ධ­නය කර­නවා. ධාවන පථය මුල් අදි­යර යටතේ සංව­ර්ධ­නය කර­නවා. ගුවන් පාලන කුලුන ඉදි­ක­ර­න්නත් අපේක්ෂා කර­නවා. මේ අගෝස්තු මාස­යෙන් පසුව එක් පැත්ත­කට ගුවන් හමු­දාව සහ අනෙක් පැත්තට සිවිල් පාල­න­යක් යොමු කර­නවා. එක් කොට­සක් සිවිල් ජන­තා­වට දෙනවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මාවෙයි සේනා­ධි­රාජා මහතා-

පලාලි ගුවන් තොටු­පොළ සංව­ර්ධ­නය කිරී­මට පිය­වර ගැනීම ඉතාම වැද­ගත්. මේ සම්බ­න්ධ­යෙන් රජ­යට, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන සහ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන්ට මගේ ස්තුතිය පිරි­න­ම­නවා. ඒ වගේම මේ වෙනු­වෙන් ආධාර ලබා­දී­මට ඉදි­රි­ප­ත්වීම සම්බ­න්ධ­යෙන් ඉන්දි­යා­වට ද අපේ ගෞර­වය පිරි­න­ම­නවා. මේ ගුවන් තොටු­පොළ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පො­ළක් ලෙස සංව­ර්ධ­නය කිරීම මේ අර්ධ­ද්වී­ප­යට පම­ණක් නොව සමස්ත ශ්‍රී ලංකා­ව­ටම ඉතාම වැද­ගත්. මේ ගුවන් තොටු­පළ සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් වන ගිවි­සු­ම­කට අපි ඉන්දි­යාව සමඟ අත්සන් කර තිබෙ­නවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රීනී විජ­ය­කලා මහේ­ෂ්ව­රන් මහ­ත්මිය-

වත්මන් රජය විසින් කෙටි කල­කින් සියලු ජන­තා­වට සම­ඟි­යෙන් ජීවත් වන්නට අව­ස්ථාව දී තිබෙ­නවා. මීට පෙර මේ පළාතේ සිට විදෙස් රට­ව­ලට ගොස් තිබෙ­නවා. නමුත් දැන් එහෙම විදෙස් රට­ව­ලට අපේ ජන­තාව යන්නේ නැහැ. වසර 30ක් යුද්ධ­ය­කට මුහුණ දුන්නා. නමුත් කඳ­වු­රු­වල තව­මත් අපේ ජන­තාව ජීවත් වෙනවා. අපි සියලු දෙනාම එකට ඉන්න ඕනෑ. අපේ ඇතැ­මුන් තව­මත් විවිධ අප­හ­සු­තා­ව­ලින් ජීවත් වෙනවා. යුද හමු­දා­ප­ති­ව­රයා විසින් හමු­දාව යටතේ තිබූ ඉඩම් ප්‍රමා­ණ­යක් මේ වන­විට නිද­හස් කර තිබෙ­නවා. තව­මත් ඉඩම්, නිවාස, රැකියා ප්‍රශ්න තිබෙ­නවා. නමුත් දැන් එක­මු­තුව කට­යුතු කර­ගෙන යනවා. වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ නාය­ක­ත්වය යටතේ විශාල වැඩ­කො­ට­සක් සිදු­කර තිබෙ­නවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන මාවෙයි සේනා­ධි­රාජා, විජ­ය­කලා මහේ­ෂ්ව­රන්, එම්. සිද්ධා­ර්ථන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජන­රාල් එස්.බාල­ච­න්ද්‍රන්, යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් මහේෂ් සේනා­නා­යක, ගුවන් තොටු­පොළ හා ගුවන් සේවා සමා­ගමේ සභා­පති ධම්මික රණ­තුංග, යාප­නය ආර­ක්ෂක සේනා ආඥා­පති මේජර් ජන­රාල් දර්ශන හෙට්ටි­ආ­රච්චි මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.

ඡායා­රූප - සමන්ත වීර­සිරි


නව අදහස දක්වන්න