රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මය හා විවාද කිරී­මට සුදා­නම් නෑ | දිනමිණ

රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මය හා විවාද කිරී­මට සුදා­නම් නෑ

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාවේ කීර්ති­මත් පුද්ග­ල­යන් සමඟ විවාද කළ තමා රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය සමඟ විවාද කිරී­මට සුදා­නම් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනා­රත්න මහතා පව­සයි.

සංග­මය එල්ල කරන චෝදනා සම්බ­න්ධ­යෙන් ප්‍රසිද්ධ විවා­ද­ය­කට පැමි­ණෙන ලෙස රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය කළ අභි­යෝ­ගය සම්බ­න්ධ­යෙන් අද­හස් පළ කර­මින් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව ඊයේ (02) ප්‍රකාශ කළේය.

එම සංග­මය රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය නොව එක්තරා කල්ලි­යක සංග­ම­යක් බව ඇමැ­ති­ව­රයා පව­සයි.

සෞඛ්‍ය අමාත්‍ය ධූර­යට තමන් පත් කර ඇත්තේ ජනා­ධි­ප­ති­ව­රයා සහ අග්‍රා­මා­ත්‍ය­ව­රයා බවත් අමාත්‍ය ධූර පිරි­නැ­මී­මට වෘත්තීය සංග­ම­ය­කට හැකි­යා­වක් නොමැති බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ එක් වෛද්‍ය­ව­ර­යෙකු වසර 07 ක් පුරා රෝගීන්ට ප්‍රති­කාර කර නොමැති බවත් ඒ සම්බ­න්ධ­යෙන් සොයා බලා ඉදි­රි­යේදී ක්‍රියා­මාර්ග ගන්නා බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. සෞඛ්‍ය සේවා­වට තමන් ඉටු කළ මෙහෙ­වර අය­වැය විවා­ද­යේදී විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් කළ ප්‍රශං­සා­ව­ලින් පැහැ­දිලි වූයේ යැයි ද ඇමැ­ති­ව­රයා කීය.

හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම පිළි­බ­ඳව ඔවුන්ට එල්ල වී ඇති චෝදනා පිළි­බ­ඳව තමන් නොදන්නා බවත් ආර­ක්ෂක ලේක­ම්ව­රයා තේරීම් කාරක සභා­වේදී තමන් දන්නා කරුණු සියල්ල හෙළි කළේ නම් මෙවැනි ගැට­ලු­ව­කට මුහුණ දීමට සිදු නොවන බවත් මාධ්‍ය­වේ­දි­යකු ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් කියා සිටි­යේය.


නව අදහස දක්වන්න