බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් | දිනමිණ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක්

බුද්ධිකා ඉඹුලාන

මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවන් මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළ මත්ද්‍රව්‍ය විරෝධී සතිය වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් සංවිධාන කෙරිණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක මහතා මේ පා ගමන සංවිධාන කෙරිණි.

බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කර වනාතමුල්ල සහ සහස්ශ්‍රපුර ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා මෙසේ ද කීය.

මේ වැඩසටහනට වනාතමුල්ල සහ සහස්ශ්‍රපුර තෝරා ගැනීමට හේතු වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාරගත වන විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශවලින් වාර්තා වීමයි.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ජීවිත, පවුල් අහිමි වී යෑමත්, පවුල් ජීවිත බිඳවැටීමත්, අනාගත තරුණයන්ගෙන් රටට ලැබෙන ශ්‍රම දායකත්වය අහිමි වී යෑමත් සිදු වෙනවා.

මෙහි දී වැලිකඩ බන්ධනාගාරයෙහි සහ මහර බන්ධනාගාරයෙහි රඳවා සිටින රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදු වන විපාක පිළිබද දැනුවත් කිරීමේ නාට්‍ය දෙකක් ද මේ පා ගමන අතරතුර දී රඟ දක්වන ලදී.

බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) තුෂාර උපුල්දෙනිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ විශ්‍රාමික පොලිස්පති සිරිසේන හේරත්, සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී එච්. එස්. සී. පෙරේරා මහත්ම මහත්මීහු ද, බන්ධනාගාර නිලධාරීහු ද, බන්ධනාගාර රැඳවියෝ ද සහභාගී වූහ.

 


නව අදහස දක්වන්න