උතුරේ ජනපති මැදුර අවට ජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ඇරැඹේ | දිනමිණ

උතුරේ ජනපති මැදුර අවට ජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ඇරැඹේ

උතුරේ ජනාධිපති මන්දිරය අවට මහජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු පෙරේදා (04) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ජනාධිපති මන්දිරය අවට පොදු භූමියේ අක්කර 62ක් පමණ පුද්ගලික ඉඩම් බව හඳුනා ගෙන ඇති අතර, ඊට අදාළ මිනුම් කටයුතු අද සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

අක්කර 62ක භූමි ප්‍රදේශය කලාප හතරකට බෙදා, එම මැනීම් සිදු කර ප්‍රදේශයේ ජනතාවට ලබා දීමේ කටයුතු 4 දින සිට දින දෙකක් සිදු කෙරෙනු ඇත.

ආරම්භක අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් එස්. එම්. ඩී. කපිල සමරවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ අදාළ ඉඩම් හිමියෝද එක්ව සිටියහ.

වවුනියාව උතුර සමූහ

 


නව අදහස දක්වන්න