අධ්‍යාපන දියුණුවට හේතුව ඇමැති අකිලගේ කැපවීමයි | දිනමිණ

අධ්‍යාපන දියුණුවට හේතුව ඇමැති අකිලගේ කැපවීමයි

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනයෙහි වේගවත් සංවර්ධනයක් ඇති කළ හැකි පුද්ගලයා අකිල විරාජ් කාරියවසම් මහතා බැවින් තමා අධ්‍යාපන ඇමැති ධුරය ඔහුට ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

21වැනි සියවසෙහි අභියෝගවලට මුහුණ දිය හැකි සිසු දරුවන් බිහි කිරීම සඳහා නවීන තාක්ෂණ දැනුම ලබාදීම පිණිස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ඇමැතිවරයාට සිය ස්තූතිය පිරිනැමුවේය.

අධ්‍යාපනයෙහි සංවර්ධනය වෙනුවෙන් ඇමැතිවරයා සමඟ සිදු කරන කැපවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට ද අග්‍රාමාත්‍යවරයාගේ පැසසුම හිමි විය.

'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහනේ II අදියර ලෙස රට පුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීම සනිටුහන් කරමින් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී ඉකුත් දා පැවැති ජාතික උත්සවයේ දී අගමැතිවරයා එම පැසසුම පිරිනැමුවේය.


නව අදහස දක්වන්න