නිදහස් දින උළෙලේ දී ට්‍රම්ප් අමෙරිකාවේ සම්ප්‍රදාය කඩලා | දිනමිණ

නිදහස් දින උළෙලේ දී ට්‍රම්ප් අමෙරිකාවේ සම්ප්‍රදාය කඩලා

අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ කරමින් ඔහුට රිසි සේ සැමරූ බව විදෙස් මාධ්‍ය චෝදනා කරයි.

ඉකුත් 4 දා යෙදී තිබුණු අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය නිවාඩු දිනයක් වන බැවින් සාමාන්‍යයෙන් එදිනට ජනතාව විනෝදයෙන් කාලය ගත කරයි. එදිනට එරට ජාතික ධජය ඔසවා තැබෙන අතර කිසිදු දේශපාලන කටයුත්තක් සිදු නොකෙරේ.

අමෙරිකා එක්සත් ජනපදය 1776 වසරේ ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ අතර බ්‍රිතාන්‍යය පාලනය යටතේ පැවැති කොලනි 13 ස්වාධීන ප්‍රාන්ත ලෙසත්, අමෙරිකා එක්සත් ජනපදයේ පළමු ප්‍රාන්ත 13 ලෙසත් නම් කිරීම සිහිපත් කිරීම ද එහි ප්‍රධාන අරමුණකි.

ජනාධිපති ට්‍රම්ප් මෙවර නිදහස් දිනය වෙනදාට වැඩිය වෙනස් ආකාරයකින් සමරනු ලැබූ අතර සිය යුද ශක්තිය ලොවට විදහා දක්වමින් ප්‍රංශය උතුරු කොරියාව මෙන් සිය යුද ශක්තිය පෙන්වීමට කටයුතු කර තිබුණි. නිදහස සමරා ලින්කන් අනුස්මරණ චතුරස්‍රයේ දී කිසිදු ජනපතිවරයෙක් කතාවක් සිදු නොකළ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර දේශනයක් පවත්වා ඇත.

කෙසේවූවත් මෙවර නිදහස් දිනය දේශපාලනීකරණය කළ බවට විවිධ පාර්ශ්ව ට්‍රම්ප්ට චෝදනා එල්ල කරති.


නව අදහස දක්වන්න