චීන - තුර්කි ජනපතිවරු හමු වෙති | දිනමිණ

චීන - තුර්කි ජනපතිවරු හමු වෙති

චීන - තුර්කි ජනාධිපතිවරුන් ගේ හමුවක් පසුගිය දා චීනයේ බීජිං හිදී පැවැති අතර අලුතින් නැගී සිටින වෙළෙඳ පොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින දැවැන්ත රටවල් 2ක් වශයෙන් දෙරට අතර ක්‍රමෝපායීය සහයෝගතා ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං තුර්කි ජනාධිපති රෙසෙප් එර්ඩෝගන් වෙත පවසා තිබේ. ඕනෑම බලවේගයකට තුර්කියේ දී චීන-විරෝධී බෙදුම්වාදී ක්‍රියා කිරීමට ඉඩ නොදෙන බව තුර්කි ජනාධිපතිවරයා කිහිප වරක් ප්‍රකාශ කොට ඇත. මෙම ක්‍රියාකලාපය චීන ජනාධිපතිවරයාගේ අගැයීමට ලක් වූ අතර ත්‍රස්තවාදය මර්දනය කිරීමට චීනයට දෙන අනුබල වැදගත් කොට සලකන චීනය තුර්කිය සමඟ එක්ව අන්තර් ජාතික ත්‍රස්ත-විරෝධී සහයෝගතා ශක්තිමත් කිරීමට කැමති බව ෂී ජින් පිං අනාවරණය කළේය.


නව අදහස දක්වන්න