ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට | දිනමිණ

ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට

සිංගප්පූරුව පරාජය කළ මැලේසියාව අංක එකට

ජපානයේ පැවැති ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි තැන හිමි වෙයි. ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා හොංකොං අතර තෙවැනි - සිවුවැනි ස්ථාන තෝරා ගැනීමේ තරගයේදී ශ්‍රී ලංකාව ලකණු 75-49කින් හොංකොං පරාජයට පත් කළේය. අවසන් වරට දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියේදී තෙවැනි - සිවුවැනි ස්ථාන තෝරා ගැනීමේ සටනට ශ්‍රී ලංකාව හා හොංකොං පිවිස ලකුණු 58-49කින් හොංකොං ජය වාර්තා කොට තෙවැනි තැන දිනා සිටියේය.

ඊයේ පැවැති තරගයේ පළමු කාර්තුවේදී 17-16ක් ලෙස එක් ලකුණකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි කාර්තුව නිමාවෙද්දී 17-17ක් ලෙස දෙපිලම සම තත්ත්වයක පසුවිය. අනතුරුව තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 25ක් ලබා ගනිද්දී හොංකොං ක්‍රීඩිකාවෝ ලකුණු 7කට සීමා වූහ. අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 16ක් හා හොංකොං ලකුණු 9ක් ලෙස වාර්තා විය.

මේ ශූරතාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව 72-54ක් ලෙස මැලේසියාවට පරාජයවීමෙන් අවසන් මහා තරගය අහිමි විය. එමෙන්ම හොංකොං පිල ද අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුවට පරාජය විය. මැලේසියාව හා සිංගප්පූරුව අතර අවසන් තරගයේදී ලකුණු 48-57කින් මැලේසියාව ජය තහවුරුකර ගත්තේය. අවසන් වරට කොරියාවේ පැවැති ශූරතාවලියේදී සිංගප්පූරුව හා මැලේසියාව අවසන් මහා තරගයට පිවිස ලකුණු 47-43කින් සිංගප්පූරුව ජයග්‍රහණය කළේය.

 

නව අදහස දක්වන්න