පුත්ත­ලම කල­පුව හිටිහැටියේ හිඳිලා | දිනමිණ

පුත්ත­ලම කල­පුව හිටිහැටියේ හිඳිලා

 පවතින සුළගේ වේගයත් සමග ඇතිවී ඇති කාලගුණික විපර්යාස හේතුවෙන් මේ දින වල පුත්තලම කලපුව සිඳී ගොස් ඇති ආකාරය දක්නට ලැබේ.

පුත්තලම නගරයට යාබද දිස්වන මෙම සුන්දර වූ කලපු තීරය මෙලෙස සිදී ගොස් ඇති ආකාරය එහි යන කාගෙත් ඇස ගැටෙනු ඇත. සවස් කාලයේදී 1000ට ආසන්න පිරිසක් විනෝදය පිණිස පවුලේ දරුමල්ලන් රැගෙන කලපුව නැරඹීමට පැමිණිම පුරුදදක් කරගෙන සිටිති. එපමණක් ද නොව විදේශිකයන්ගේ ද ආකර්ශනය නොඅඩුව මෙම වෙරළ තීරයට ලැබෙමින් පවතී. මන්ද වෙරළට ඔබ්බෙන් පුත්තලම නගර සභාව මගින් සංචාරකයන්ගේ පහසුව සඳහා තාවකාලිකව සකසා ඇති නවාතැන් ගැනීමේ පහසුව මෙන්ම කුඩා දරුවන්ට නිදහසේ විනෝදවීමට ඉඩ ප්‍රස්ථාව මෙහි සැලසී තිබීම යන කාරණා නිසාවෙනි.

කලපුව මීටර් 500ක් පමණ දුරකින් සිදී ගොස් තිබීම නිසාවෙන් වෙරළ තීරයේ සිට නරඹන්නන් හට කලපුව දිස්වන්නේ කාන්තාරයක ස්වරූපයෙනි.

සටහන ඡායාරූප

වනාතවිල්ලුව සමූහ

කේ. ප්‍රියංකර කළුපහන

නව අදහස දක්වන්න