නිරු­ව­තින් ඇවිත් කාන්තා­වගේ අත කපලා | දිනමිණ

නිරු­ව­තින් ඇවිත් කාන්තා­වගේ අත කපලා

 

උඩුදුම්බර මඩුගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිට සේවයට යමින් සිටිය දී නිරුවතින් සිටි පුද්ගලයකු පිහියකින් ඇගේ වම් අත සම්පුර්ණයෙන්ම කපා දැමීමේ සිද්ධියක් උඩුදුම්බර පොලිසියෙන් වර්තාවේ.

මෙම නිරුවත් පුද්ගලයා එම කාන්තාවගේ වම් අත එම කපා දැමීමෙන් පසු යළිත් අැයට එම පිහියෙන් කෙටීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා මහ මග වැටි සිටිය දී එම කාන්තාව හා ඇගේ කපා දමන ලද වම් අත සමග ඇය ප්‍රදේශවාසින් විසින් එදින උඩුදුම්බර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම පේරාදෙනිය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු තෙල්දෙනිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සුරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.උඩුදුම්බර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 කරල්ලියද්ද සමුහ

කේ. විජේසිරි නිශ්ශංක

නව අදහස දක්වන්න