වවුනියාවේ ගව මඩු­වක හදිසි ගින්නක් | දිනමිණ

වවුනියාවේ ගව මඩු­වක හදිසි ගින්නක්

 

 

වවුනියාවේ පට්ටකාඩු ප්‍රදේශයේ ගවගාලක රාත්‍රියේ ඇතිවූ ගින්නකින් ගවයන් දෙදෙනකු පිලිස්සී මරුමුවට පත් වී ඇති අතර තවත් ගවයන් දෙදෙනකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

ගවමඩුව අයිතිකරු ප්‍රකාශ කළේ රාත්‍රි දී ගවයන් කෑගසන ශබ්දය ඇසී පැමිණ බලන විට ගවමඩුව ගිනි ගෙන ඇති අයුරු දක්නට ලැබුණු බවයි. වහාම අසල්වාසීන්ට කතා කොට උදව් ලබා ගෙන ගවයන් කීප දෙනකු ගව මඩුවෙන් ඉවතට ගන්නා විට ගව මඩුව සම්පූර්ණයෙන්ම ගිනි ගත් බවද ඔහු පැවසීය. ගින්න්ට හසු වූ එළ දෙනකු හා පැටියකු පිළිස්සී මිය ගිය බවත් තවත් දෙදෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බවත් ගවයන් හතර දෙනකු මඩුවෙන් ඉවතට ඇද ගින්නෙන් බේරා ගැනීමට හැකි වූ බවත් ගව මඩුව අයිතිකරු පැවසීය.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න