යල කන්නයේ වී අස්වනු නෙළීමේ මංග­ල්‍යය මඩ­ක­ළ­පු­වෙන් ඇරඹේ | දිනමිණ

යල කන්නයේ වී අස්වනු නෙළීමේ මංග­ල්‍යය මඩ­ක­ළ­පු­වෙන් ඇරඹේ

 

යල කන්නයේ නැඟෙනහිර පළාතේ අස්වනු නෙළීමේ මංගල්‍යය කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන ඇමැති පි. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව වාහනේරි ව්‍යාපෘතියෙන් ආරම්භ කෙරිණි.

වාහනේරි ව්‍යාපාරය යටතේ මෙවර කුඹුරු අක්කර අටදාස් පන්සියයක් පැසී ඇත.වට්ටිපොට්ටමඩු කුඹුරු යායෙහි වී අස්වැන්න නෙළීමෙන් අනතුරුව සෙම්පයාඩි කෝවිලට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ වත් පිළිවෙත ද මෙම අවස්ථාවේ සිදු විය.

මෙම අවස්ථාවට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ශ්‍රීනේෂන්,පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන්,හිටපු නැඟෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති තුරෙයි රාජසිංහම් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් සහ ඔට්ටමාවඩි ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. එල්. අස්මි මහතා මෙන්ම වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් මෝහන් රාජා මහතා ඇතුළු නිලධාරීහු සහ වාහනේරි ව්‍යාපෘතිය යටතේ වගා කරන ගොවීහුද එක්ව සිටියහ.

මඩකළපුව සමුහ

ටී. එල් ජව්ෆර්කාන්

 

නව අදහස දක්වන්න