ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ග­ල­යකු අල්ලයි | දිනමිණ

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ග­ල­යකු අල්ලයි

 

ව්‍යාජ ඩොලර් නෝට්ටු හා ජංගම දුරකථන සමඟ දමිළ ජාතික පුද්ගලයකු නුගේ‍ගොඩ ආපනශාලාවක දී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

සැකකරු සමඟ ඩොලර් 100 නෝට්ටු පනහක්, දුරකතන දෙකක් හා සිම්කාඩ්පත් දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.

ඩොලර් 100 නෝට්ටු පනහක් රුපියල් ලක්ෂ අටකට ලබාදෙන බවට පුද්ගලයන්ට බොරු පො‍රොන්දු ලබා දී වංචාකළ බවත් පොලීසිය මීට දින කිහිපයකට ඉහතදී ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම තොරතුරු අනුව වෙනත් පුද්ගලයකු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු රැගෙන එන ලෙස දැනුම් දීමකට අනුව සැකකරු ව්‍යාජ ඩොලර් ම පුද්ගලයාට ලබා දීමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු බවත් කොළඹ ප්‍රදේශයේ ලැගුම්හල්වල නැවතී මෙම ජාවාරම කරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඡායාරූපය

මැද කොළඹ විශේෂ

මොහොමඩ් ඉමිතියාස්

මැද කොළඹ විශේෂ

 

නව අදහස දක්වන්න