වළක් කපද්දී බෝම්බ­යක් පිපිරී 2කට තුවාල | දිනමිණ

වළක් කපද්දී බෝම්බ­යක් පිපිරී 2කට තුවාල

පිපි­රීම සිදුවු ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින්  නිරී­ක්ෂ­ණය කරන ආකා­රය.

දොම්පෙ කොට්ඨාසයේ කෑරගල පොලිස් බල ප්‍රදේශයේ තම නිවෙස පිටුපස දරමඬුවක් අසල වළක් හෑරීමේදී (04) දා සිදුවු බෝම්බ පිපිරීමකින් 34 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකු හා ඔහුගේ ඥාති 11 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කොට ඇති බව කෑරගල පොලිසිය කියයි.

මෙම අනතුරෙන් පාද වලට තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ උදුපිටියගමෙග් තාරාන් තිලංක නැමැති විවාහක අයෙකි. තුවාලකරුඔහු පදිංචි කෑරගල අංක 08 දරණ නිවෙසහි දරමඬුවක් අලුත්වැඩියා කිරීමට වළක් හෑරීමේදී යකඩ ඉන්න වැදීමෙන් එම පිපිරීම සිදුවී ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙය අත් බෝම්බයක් පිපිරීමෙන් සිදුවූවක් බව පොලිසිය සැකකරයි. මෙම නාවික හමුදා භටයා වසර 07කට පමණ ඉහතදී නාවික හමුදා සේවයන් ඉවත්ව ඇති අතර මේ වනවිට ඔහු පිලියන්දල දාම්පේ ප්‍රදේශයේ කළුගල් වැඩපළක රියදුරකු ලෙස සේවය කරන්නෙකි.

ඔහුගේ තත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මගින් පවසයි.

දොම්පෙ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක, කෑරගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිආරච්චිඅ, පොලිස් පරීක්ෂක ජයන්ත, උපෙපාලිස් පරීක්ෂක යාපා බණ්ඩාර, පොලිස් විශේෂ කාර්ය බළකායේ ගම්පහ අපරාධ පරීක්ෂණ ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඡායාරූපය-කිරිඳිවැල සමූහ
ජී.එස්.තැලිගම-කිරිඳිවැල සමූහ

නව අදහස දක්වන්න