මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළොත් තොණ්ඩුව වැටෙන්නේ රටට | දිනමිණ

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළොත් තොණ්ඩුව වැටෙන්නේ රටට

කෘෂිකර්ම ඇමති පී. හැරිසන්

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළොත් අපිට ලෝකයෙන් ලැබෙන බොහෝ දේවල් අහිමිවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා ගාල්ලේ දී පෙරේදා (6දා) පැවසීය.

ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා මේ බව කීය.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය. මරණීය දණ්ඩනයට මම පෞද්ගලිකව විරුද්ධයි. මරණීය දණ්ඩනය දීලා රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්නම් ලෝකේ ගොඩක් ප්‍රශ්න විසඳන්න මරණීය දණ්ඩනය තෝරගන්නවා. අපි දැන් ඒකෙන් බැහැර වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න අමතක කරන්න නෙවෙයි. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ගියොත් අපිට හුඟක් දේවල් අහිමි වෙන්නත් පුළුවන් ලෝකයෙන්. බෞද්ධයෝ හැටියටත් සත්ව හිංසාව අනුමත කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියටත් පෞද්ගලිකවත් මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියනවා මීට කලින්.

දයාසිරි මන්ත්‍රිවරයා යෝජනා කරලා තිබෙනවා දැනට ඉන්න ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයටත් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිටත්. මාධ්‍ය සාකාච්ඡා වල දිගින් දිගටම චෝදනා කරේ ඒකට විරුද්ධව. ඒ නිසා මං හිතන්නේ නැහැ ඒ අය එකට එකතු වෙලා ඒකට එයි කියලා. වර්තමාන ජනාධිපතිවරයාත් විපක්ෂනායකවරයාත් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියල කියන්න ඕන අපි දෙගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. කිසි ගැටලුවක් නැහැ කියලා. මහින්ද මහත්තයට කියන්න ඕන ඊළග ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්න කියල නාමල් රාජපක්ෂ මහත්තයට ඇවිත් කියන්න කියන්නකො මාධ්‍යට ඇවිත් අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියන්න කියලා. කවදාවත් එහෙම කියන්නෑනේ. එතනත් හංගලා ගහන්නනේ ඒ ගොල්ලො බලන්නේ. ඒ නිසා ගෝඨාභය එනවට වැඩියෙන්ම විරුද්ධ රාජපක්ෂ පවුලෙ අය.

අපේ පක්ෂෙ අපේක්ෂකයා කියන එක ජනාධිපති මැතිවරණය ගැසට් කරාට පස්සේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වෙලා අපි ඒක පැහැදිලිව සඳහන් කරන්නම්. 19 ව්‍යවස්ථාව ගෙනාවේ 18 හොඳ නෑ කියලා. හැබැයි ඉතින් මේක එක කෙනෙකුගේ දෙන්නෙකුගේ උවමනාවකට කරපු දෙයක් නෙවෙයි. අපි ඒ වෙලාවේ දීර්ඝ වශයෙන් සාකාච්ඡා කරලා තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් තියෙන්නේ. ඒකේ පිහිට නිසා තමයි මාධ්‍යවේදින් අද බය නැතුව ඇවිත් මේ වගේ ප්‍රශ්න අහලා කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද මාධ්‍ය ආයතන වලට රජය ඕනෑම විදියකට විවේචනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේ අවස්ථාවක් අපි අරන් දීලා තිබෙනවා මේ 19 වන ව්‍යවස්ථාවෙන්. මං හිතන්නේ මේකේ යම් යම් තැන් වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් විශාල වශයෙන් තියෙන්නේ හොඳගතිගුණ තමයි වැඩියෙන් තියෙන්නේ. මං හිතන්නේ ඒ ගොල්ලෝ දැනට නීතිය හමුවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාට පස්සේ ඒ අය සම්බන්ධයෙන් ඒ අය පිළිබදව සාකච්ධා කරලා බලාවි.

දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ 

 

නව අදහස දක්වන්න