‘මංගල සමරවීර’ ග්‍රන්ථය ජනගත කෙරේ | දිනමිණ

‘මංගල සමරවීර’ ග්‍රන්ථය ජනගත කෙරේ

මංගල සමරවීර ඇමැතිවරයාගේ දශක තුනක ‍දේශපාලන දිවිය අලලා රචිත 'මංගල සමරවීර' ග්‍රන්ථය ජනගත කිරීම මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ඊයේ(7) සිදු කෙරිණි. මෙම ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කෘතහස්ත ලේඛකයකු වන නිහාල් ජගත්චන්ද්‍ර විසිනි.

'ශ්‍රී ලංකාවේ වසර 30 ක දේශපාලන ඉතිහාසය' යනුවෙන් මෙම ග්‍රන්ථය පිළිබඳ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ප්‍රකට දේශපාලන විචාරක සහ ජනමාධ්‍යවේ දී වික්ටර් අයිවන් ය.

අනිත් දේශකයන් අතර අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක වන සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන්ගේ කතා සැමගේ අවධානයට ලක් විය. මේ අවස්ථාවට ප්‍රධාන පෙළේ දේශපාලකයෝ, විද්වත්තු, කලාකරුවෝ සහ මහජනතාව සහභාගී වූහ.

ඡායාරූපය - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න