ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරන අමෙරිකන් පුරවැසියන් ජනපති ධූරයට මාන බලනවා | දිනමිණ

ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරන අමෙරිකන් පුරවැසියන් ජනපති ධූරයට මාන බලනවා

අසේල කුරුළුවංශ

ඇමරිකාවට රට දෙන්න ආණ්ඩුව කටයුතු කරන බවට බොරු චෝදනා කරන ඇමරිකයන් පුරවැසියන් මේ රටේ ජනාධිපති ධූරයට මාන බලමින් සිටින බව රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන,ජාතික උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙරට අපනයන වලින් 70% ක් මිලට ගන්නේ ඇමරිකාව හා යුරෝපය බවත් ඕනෑම විදේශිකයෙකුට 300% ක බද්ධක් ගෙවා මෙරට ඉඩමක් මිලට ගත හැකි බවත් ඒ මහතා කීය.

පේරාදෙණිය සුබෝධාරාම විහාරස්ථානයේ දම්සභා මණ්ඩපය,භික්ෂූ නේවාසිකාගාරය හා පුස්තකාලය සහිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම නිමිත්තෙන් ඊයේ (07) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා අනෙක් අය මෙන් පවුලේ තීරණ අනුව තෝරා නොගන්නා බවත් රටම නියෝජනය කරන පක්ෂයක් ලෙස එජාප ජනපති අපේක්ෂකයා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ඉදිරියේදී තෝරා ගනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනපති ධූර කාලය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීරණයක් ලබා දී තිබෙන බව ඒ මහතා පැවසුවේය.

නව අදහස දක්වන්න