රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන්ට නිවාඩු නිකේතනයක් | දිනමිණ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන්ට නිවාඩු නිකේතනයක්

වසර 217න් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක් වන කොළඹ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙනුවෙන් ප්‍රථම වරට නිවාඩු නිකේතනයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබේ. මෙපමණ කාලයක් කතරගම ප්‍රදේශයට ගිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් නවාතැන් ගත්තේ පිටස්තර ආයතනවල අයත් සංචාරක නිවාස වලය .

වසර 20 කට පමණ ඉහතදී සංචාරක නිවාසයක් ඉදිකිරිම සඳහා රජයෙන් ඉඩමක් ලැබී තිබුණත් විවිධ හේතුන් නිසා එම කටයුතු මගහැරී ගොස් තිබුණි. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සමුපකාර සැකසුරුවම් හා ණය දෙන සංගමයේ වත්මන් නිලධාරීන්ගේ සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩබලන මුද්‍රණාලදීපතිනී ගංගානි ලියනගේ මහත්මියගේ උනන්දුව මත නව සංචාරක නිවාසයක් සඳහා කටයුතු ආරම්ඹ කිරීම පසුගියදා සිදුකෙරුණි.ඒ ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රදානත්වයෙනි .

ඉතා සුළු කාලයකින් මේ නව සංචාරක නිවාසය ඉදිකර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධනය වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩබලන මුද්‍රණාලධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

1802 වසරේ දී ප්‍රථම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමෙන් රජයේ මුද්‍රණාලය ආරම්භ කර තිබේ. ඕනෑම ආයතනයක සේවය කරන අයගේ සුබසාධන කටයුතු ඉහළ මට්ටමකින් ඉටුවෙනම් එම සේවක පිරිස් ඔවුන් සේවය කරන ආයතනයට ඉමහත් ආදරයක් දක්වති.

සටහන සහ ජායාරූප - බොරැල්ල විශේෂ බන්දුල අලහකෝන් 

නව අදහස දක්වන්න