බෝපිටියේ ධම්මිස්සර හිමිපාණන් වෙත සන්නස්පත්‍රය පිළිගන්වමින් | දිනමිණ

බෝපිටියේ ධම්මිස්සර හිමිපාණන් වෙත සන්නස්පත්‍රය පිළිගන්වමින්

ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවය මගින් “සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද” යන ගෞරව නාම සහිතව කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් පැවැති පිළිගැනීමේ පුණ්‍ය මහෝස්ත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) වාද්දුව, මොල්ලිගොඩ දෙගම්බද ඓතිහාසික ශ්‍රී මහා විහාරයේ දී පැවැත්විණි.ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමිපාණන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමන් විසින් සිදු කළ අවස්ථාව.

එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, කථානායක කරූ ජයසූරිය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කැබිනට් නොවන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ දායක දායිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

ඡායාරූපය-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න