දෙහිවල ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ | දිනමිණ

දෙහිවල ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය පුරපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත මහතාගේ මැදිහත්වීමෙන් දෙහිවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය දෙහිවල සතොස ගොඩනැගිල්ලේ පළමු මහලේ පසුගියදා ආරම්භ කරන ලදී.

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු‍ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර ඒ මහතා විසින් කාර්යාලය විවෘත කරන අයුරු මෙහි දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පුරපති මහජන සම්බන්ධතා නිලධාරි ස්ටැන්ලි අල්විස්, නාගරික මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මේ අවස්ථාවට සහභාගි වූහ.

සටහන සහ ඡායාරූපය - මොහොමඩ්
ඉමිතියාස් - මැදකොළඹ විශේෂ 

නව අදහස දක්වන්න