‘තිරසර අබිමන්’ සමුපකාර උළෙලින්.... | දිනමිණ

‘තිරසර අබිමන්’ සමුපකාර උළෙලින්....

97 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම් වස් වයඹ පළාත් සමුපකාර අමාත්‍යාංශය සංවිධානය කළ “තිරසර අබිමන්” සමුපකාර උළෙල පසුගියදා මාදම්පේ සමුපකාර රඟ‍හලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හොඳම සමුපකාර ආයතන වෙනුවෙන් රන් සම්මාන පිරිනැමීමද එහිදී සිදුවූ අතර කුරුණෑගල, සමුපකාර ආරෝග්‍ය ශාලාවද එහිදී රන් සම්මානයකට හිමිකම් කීවේය. වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා අතින් කුරුණෑගල සමුපකාර රෝහලෙහි සභාපති ජයපද්ම වන්නිනායක මහතා එම රන් සම්මානය ලබාගන්නා අයුරු මෙහි දැක්වෙයි. වයඹ සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, සමුපකාර සංවර්ධන කොමසාරිස් කේ. සී. දිසානායක යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.

කුරුණෑගල දකුණ සමූහ - එම්. මහරු‍ෆ්

නව අදහස දක්වන්න