කෝටි 04ක අයිස් කටුනායකදී අල්ලයි | දිනමිණ

කෝටි 04ක අයිස් කටුනායකදී අල්ලයි

මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය සමත්ව තිබේ.
 
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04ක් බවට සැලකේ.
 
අද(08) අළුයම 12.10 ට පමණ කටුනායක ගුවන් තොටුපල පර්යන්තයේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි ගුවන් යානයෙන් පැමිණි විදේශිකයෙක් සමඟ මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. 
 
මෙම සැකකරු මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස ගමන් බෑගයේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණ ඇති බව සදහන් වේ. සැකකරු වයස අවුරුදු 25 ක් වු ලාඕස් ජාතිකයෙකි. 
 
අත්අඩංගුවට පත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න