වැල්ලවාය රක්ෂිතයක හදිසි ගින්නක් | දිනමිණ

වැල්ලවාය රක්ෂිතයක හදිසි ගින්නක්

වැල්ලවාය පොලිස් වසමේ රන්දෙණිය ප්‍රදේශයේ රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී ඇත.
 
ඊයේ(07) සවස 02.30ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.
 
වැල්ලවාය පොලිසියට ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, උමාඔය ව්‍යාපෘති ගිනි නිවන ඒකකයේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සදහන් කළේය. 
 
පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීමට දැඩි බාධා එල්ල වී තිබුණි. 
 
ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැත. වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 
 
 
 
 

නව අදහස දක්වන්න