කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අඩාලයි | දිනමිණ

කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අඩාලයි

කොළඹ සහ අවට ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා(10) පැය 24 ක කාලයක් ජල සැපයුම අඩාල වන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
 
අනිද්දා පෙරවරු නවයේ සිට පසුදා පෙරවරු නවය දක්වා හෝකන්දර ප‍්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
 
එම කාලසීමාව තුළ තවත් ප‍්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරේ. කොළඹ , දෙහිවල- ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. මහරගම , බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද අඩු පීඩනයකින් ජලය ලබාදෙන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේය.

නව අදහස දක්වන්න