සිඩ්නි තාක්ෂ­ණික සරසවියෙන් මෙරටදීම අධ්‍යාපන වරම් | දිනමිණ

සිඩ්නි තාක්ෂ­ණික සරසවියෙන් මෙරටදීම අධ්‍යාපන වරම්

ජාත්‍ය­න්තර මට්ටමේ පාඨ­මාලා රැසක්

රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ නගරයේ නවතම ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය වන UTS Insearch Sri Lanka 2019 ජූලි 4 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලද බව නිවේදනය කරකළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා,සිඩ්නි තාක්ෂණික විශවවිද්‍යාලයේ (UTS)නියෝජ්‍ය උපකුලපති සහ උප සභාපති (ජාත්‍යන්තර) ඉයන් වොට් මහතා, UTS Insearch හී කළමනාකාර අධ්‍යක්ෂ ඇලෙක්ස් මර්ෆි මහතා,ඇතුළු ව්‍යාපාරික සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සම්භාවනීය අමුත්තන් 200 කට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වුහ.

ඕස්ට්‍රෙලියාවේ අංක එකේ නවීන විශ්වවිද්‍යාලය වන UTS මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ නවීනතම අත්දැකීම් සහ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථාවන් සඳහා යොමුවීමේ හැකියාව උදා කරනු ලබයි. ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මූලික ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය ඕස්ට්‍රෙලියාවේ සහ ශ්‍රී ලංකාවේ සමීප සම්බන්ධතාව තව දුරටත් තහවුරු කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ UTS ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වන්න ලැබීම පිලිබඳ මම වඩාත් සතුටට පත් වෙනවා.මෙය ඕස්ට්‍රෙලියාවේ වඩාත් නව්‍යකරණය වූ සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයන් වෙත යාමට මාවතක් තනා දෙන අතර ඔවුන්ගේ උපාධිය ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි වලදී සම්පූර්ණ කිරීමට මෙමගින් අවස්තාව ලැබෙනවා.”.

ඕස්ට්‍රෙලියාව යනු අධ්‍යාපනය සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික සිසුන් සඳහා කදිම ගමනාන්තයකි.එසේම 170000 කට අධික ශ්‍රීලාංකික ප්‍රජාවක් ඕස්ට්‍රෙලියානු ප්‍රජාව සමග එක්ව එහි කොටසක් වෙමින් ජීවත් වෙති.යුනෙස්කෝ සංවිධානයට අනුව වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් 19000 ක් පමණ අධ්‍යාපනය සඳහා විදේශ ගතවන අතර ඉන් 40% ක ප්‍රමාණයක් තම අධ්‍යාපන කටයුතු සඳහා තෝරාගනු ලබන්නේ ඕස්ට්‍රෙලියාවයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අදහස් දක්වමින්, Òඕස්ට්‍රෙලියාවේ UTS Insearchවිශ්විද්‍යාලයේ ශාඛාවක් කොළඹ පිහිටුවීමට ලැබීම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙලියාව අතර දිගු කාලීන මිතුදමේ වැදගත් සන්ධිස්තානයක් වන අතර ඕස්ට්‍රෙලියාව විසින් ශ්‍රී ලංකාවට අධ්‍යාපන අවස්ථා ලබා දීම පිලිබඳ තවත් විශිෂ්ට උදාහරණයක් ලෙස මෙය සලකන්න පුළුවන් යැයි,”පැවසීය.

නව අදහස දක්වන්න