යාල එලි­ෆන්ට් රීච් වෙතින් කත­ර­ගම වන්දනා සම­යට වට්ටම් | දිනමිණ

යාල එලි­ෆන්ට් රීච් වෙතින් කත­ර­ගම වන්දනා සම­යට වට්ටම්

සංචාරකයන්ට සුවපහසුව සමග අමතක නොවන අත්දැකීම් ලබා දෙමින් සාර්ථකත්වයට පත් වූ යාල එලිෆන්ට් රීච් හෝටලය (www.elephantreach.com) මෙවර කතරගම මහා දේවාලයේ පෙරහර උත්සවය නිමිත්තෙන් ආකර්ෂධෑය සංචාරක පැකේජයක් හඳුන්වා දෙයි. යාල එලිෆන්ට් රීච්හි නවාතැන් ගෙන කතරගම පූජාවට සහභාගි වන බැතිමතුන්ට හෝටලයේ සිට දේවාලයට යෑම් ඊම් සඳහා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් මෙන්ම පූජා වට්ටියක්ද නොමිලේ සැපයීම මේ පැකේජයේ විශේෂත්වයයි. බැතිමතුන්ගේ අවශ්‍යතාව පරිදි නිර්මාංශ ආහාර මෙන්ම යාල වනෝද්‍යානය නැරඹීමේ හා ඓතිහාසික සිතුල්පව්ව විහාරය වන්දනා කිරීමේ අවස්ථාවද සලසා ගත හැකිය. කිරින්ද වෙරළ තීරයේ විවේකය ගත කිරීමේ සුවිශේෂ වරප්‍රසාදයද ඇතුළත්ව නව වන්දනා පැකේජය යටතේ එක් රාත්‍රියක් සඳහා හාෆ් බෝඞ් ක්‍රමයට එක් අයකුට වැය වන්නේ රුපියල් 6500ක් වැනි ඉතා සාධාරණ මුදලකි.

යාල එලිෆන්ට් රීච් හෝටලයේ සිට කතරගම දේවාලයේ අළුයම පූජාවටත්, සන්ධ්‍යා පූජාවටත් යෑම් ඊම් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයෙන අතර උදේ ආහාරය පාන්දරින් හෝටලයේදීම ලබා ගැනීමට හෝ පාර්සල් වශයෙන් රැගෙන යෑමට පහසුකම් සපයනු ලැබේ. අලුතින් ඉදි කළ හා නවීකරණය කළ ඩිලුක්ස් හා ෂැලේ වර්ගයේ සුඛෝපභෝගී කාමරවලින් සමන්විත යාල එලිෆන්ට් රීච් හෝටලයේ රසින් පිරි ප්‍රධෑත දේශීය කෑම වට්ටෝරු සංචාරකයන්ට මතකයේ රැඳෙන අත්දැකීමක් ගෙන දෙයි. පරිසර මිතුරු නවාතැනක් වන යාල එලිෆන්ට් රීච් හෝටලය යාල ජාතික වනෝද්‍යානයට ආසන්නව පිහිටි නිසා සැබෑ වන ජීවී අත්දැකීමක් සපයන්නට සමත් වෙයි. දවසක සංචාරයකින් පසු ගත සිත වෙහෙස නිවා ගන්නට යාල එලිෆන්ට් රීච් හෝටලයේ පිහිනුම් තටාකයත්, උද්‍යානයත් කදිමය. ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිසර මිතුරු හෝටලයක ආගන්තුක සත්කාර, ස්වභාවික සුන්දරත්වය, වන ජීවීන් හා දිව පිනවන ආහාර පාන සමග කතරගම පුදබිම වන්දනාව ඉතා සුවහසුවෙන් ඉටු කර ගන්නට යාල එලිෆන්ට් රීච් කදිම නවාතැනකි.

නව අදහස දක්වන්න