කිළි­නො­ච්චිය වෙළෙඳ සැණ­කෙ­ළි­යෙන් ජන­තා­වට සහන රැසක් | දිනමිණ

කිළි­නො­ච්චිය වෙළෙඳ සැණ­කෙ­ළි­යෙන් ජන­තා­වට සහන රැසක්

කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ සංකල්පයක් මත 573 වන බලසේනා මූලස්ථානයේ අධික්ෂණයෙන් ප්‍රථම වතාවට කිළිනොච්චියෙහි වෙළෙඳ සැණකෙළියක් පවත්වන ලදී. මෙමඟින් ව්‍යාපාරික ප්‍රජාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ සෙබළුන්ගේ සුබසාධනය සඳහා අරමුදල් රැස්කිරීම සහ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන්ට සුභසාධන වැඩසටහන් පැවැත්වීම මෙමඟින් බලාපොරොත්තු විය. මෙම සැණකෙළිය යුද්ධ හමුදා සුභසාධක වෙළෙඳ සැල ඉරණමඩුහිදී පසුගිය (23) වන දින දවස පුරා සිවිල් වැසියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ඔහු පිළිගනු ලැබුවේ 573 වන බලසේනාවේ බලසේනාධිපති විසිනි. මෙම වෙළෙඳ සැණකෙළි භූමිය තුළ රූපලාවන්‍ය වැඩමුළුවක්, ගෘහ උපකරණ වෙළෙඳ සැල්, යතුරු පැදි වෙළෙඳසැල්, ආහාරපාන, අන්තර්ජාල සහ දුරකතන සම්බන්ධතා, සනීපාරක්ෂක භාණ්ඩ වෙළෙඳසැල් සහ නර්තන සහිත සංගීත ප්‍රසංගයකින් සමන්විත විය.

ඡායාරූප - ආරක්ෂක සේනා මූලස්ථානය - කිළිනොච්චිය

රත්නසිරි පතිරණ

 

 

නව අදහස දක්වන්න