වතුර වෙනු­වට කිරි | දිනමිණ

වතුර වෙනු­වට කිරි

දකුණු ආසියාතිකයන් වන අප, කුළුබඩු කෑමට රුසියන් ය. එහෙත්, මේ අධික කුළුබඩු පරිභෝජනය වැඩි දෙනකුගේ ආමාශ දාහය වැඩි කිරීමට හේතු වී තිබේ. අමෙරිකාවේ පෙනිසිල්වේනියාවේ පෙන් ජනපද සරසවියේ පර්යේෂකයන්ගේ නවතම සොයාගැනීම , මිරිස්, තුනපහ අධික ලෙස කෑමට ගන්නා අපට සහනදායක විසඳුමකි.

ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි අධික මිරිස්, කුළුබඩු යෙදූ ආහාර ගත් පසු උගුරට අම්ල ගතිය ඒම, කිරි බීමෙන් අඩුකර ගත හැකි ය. එහෙත්, ජලය පානය කිරීමෙන් එවන් සහනයක් නොලැබෙයි.

උගුරට ආවා කියා අපට මිරිස්, කුළුබඩු කෑම අත්හැරීමට නොහැකි ය. ඒ, ඒවායේ පිළිකා නාශක ගුණය පවතින ‍නිසා ය. පළමු පියවරේදීම පිළිකා වැළැක්වීමේ ගුණයක් මිරිස් සහ කුළුබඩුවලට ඇත.

 

නව අදහස දක්වන්න