මේ ඡන්දෙට මා අනිවාර්යෙන් එනවා: ඒ වසර පහෙන් පසුව තමයි විශ්‍රාම යන්නේ | දිනමිණ

මේ ඡන්දෙට මා අනිවාර්යෙන් එනවා: ඒ වසර පහෙන් පසුව තමයි විශ්‍රාම යන්නේ

මගේ ජීවන ගමන ගැන පොතක් ලියන්න අදහසක් තිබුනේ නෑ. මීට අවුරුද්දකට විතර ඉස්සරල ජගත් චන්ද්‍ර මහතා මගෙන් ඇහුව මං ගැන පොතක් ලියන්න. මම කිවුව ලියන්න තරම් දෙයක් නැතුව ඇති වෙලාවත් ටිකක් හොයාගන්න අමාරුයි කියල.එතුමා කොහොම හරි සැරින් සැරේ මාව හමුවෙලා වසර තිහක දේශපාලන ජීවිතයේ මතකසටහන් සම්බන්ධයෙන් මේ අද එලි දකින පොත නිර්මාණය කළා.

මේ දසක තුනක කාලය තුළ ජනතාවට යම් සුළු හෝ සේවයක් කරන්න පුළුවන් වුනා කියා මා තුල සතුටක් තිබෙනවා. නමුත් මගේ හෘද සාක්ෂියට එකගව කතා කළහොත් වසර තිහක් තුළ මට ලබාගත් ප්‍රගතිය නම් මම නිතර හිතනවා. මේ අවුරුදු තිහේදී අපි ලබාගත් ප්‍රගතිය පිළිබද සෑහීමකට පත්වෙන්න බෑ. වසර තිහක් කියන්නේ දේශපාලනයේ වුනත්, රටක ඉතිහාසයේ වුවත් ලොකු කාලයක්. සිංගප්පුරූව වගේ රටවල්, කොරියාව වගේ රටවල් ඉතාමත්ම දිළිදු තත්ත්වයේ ඉදලා තුන්වැනි ලෝකයේ රටක ඉදලා පළවෙනි ලෝකයේ රටක තත්ත්වයට ආවේ මේ වගේ කෙටි කාලයක් තුලදී. කොරියාව බ්‍රිතාන්‍ය වගේ රටවල් මේ අවුරදු පහළොවක් විස්සක් වැනි කාලය තුලදී විශාල දියුණුවක් සංවර්ධනයක් අත්කරගෙන තියෙනවා. නමුත් වික්ටර් අයිවන් මහතා කියූ පරිදි නිදහස ලබාගන්නා විට ජපානයට පමණක් දෙවැනිව සිටි අපේ රට අද තියෙන්නේ කොහේද කියා අපේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුයි. වසර තිහකට පෙර අප කී සටන් පාටත් අදටත් වලංගුවීමත් කණගාටුවට කරුණක්.

අපේ විරුද්ධවාදීන් කියනවා මම මේ ඡන්දෙ ඉදලම අයින්වෙයි කියලා. ඒවා ඒ අයගේ හීන පමණයි. මම මේ අවස්ථාවේ කියනවා මම මේ ඡන්දෙට අනීවාර්යයෙන් එන බව. මට දැන් වයස අවුරුදු හැට තුනයි. ඊළඟ අවුරුදු පහ කළාට පසු මගේ කාලය හරි. අපි හැමදාම මේවායේ එල්ලී සිටිය යුතු නෑ විශ්‍රාම යා යුතුයි. මම මේ වාරයෙන් පසු ඒක කරන්න සූදානමින් ඉන්නවා.

ලොව පිළිගත් මානව වාදී ධර්ම මේ රටේ මුල්බැසගෙන යනවා. මේ රට ශිෂ්ට රටක් කිරීමේ අරගලය කිසිම විටක අත හරින්න එපා කියා තරුණ පිරිසට කියනවා. ඒ අරගලය අත්හරින්නට බෑ. මේ රටේ තරුණ තරුණියන්ට දෙන්නට මට පණිවුඩයක් තිබෙනවා. ඒ තමයි තාක්ෂණයෙන් අැදුම් පැළදුම් වලින් විතරක් නොවෙයි ආකල්ප වලිනුත් ස්මාට් වෙන් ඕන. ස්මාට් පෝන් එකක් තිබිල මදි අපි ඒ ස්මාට් ෆෝන් එකෙන් ගෝත්‍රික වැඩ කරනවානම් ස්මාට් ෆෝන් එකෙන් ජාතිවාදය වපුරනවා නම්, වෛරය වපුරනවා නම් එහෙම නැත්නම් වෙන්ත අසුබ දේවල් වපුරනවානම් ඒ ස්මාට් පොන් එකෙන් වැඩක් නෑ. අපි ස්මාට් විදිහට සිතන්නත් පුරදු වෙන් ඕන. ආකල්ප වගේම අපේ ක්‍රියා මාර්ගත් වැදගත්. යල් පැනගිය ආර්තික මොඩලයන්ගෙන් අපි එළියට එන්න ඕන.

 


නව අදහස දක්වන්න