කල්ලාරු පාලම අසල පැළ 500ක් සිටුවයි | දිනමිණ


 

කල්ලාරු පාලම අසල පැළ 500ක් සිටුවයි

වවුනියාව මධ්‍යම විශේෂ බණ්ඩාර විපුලසේන

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ උදාරතර සංකල්පයකට අනුව ආරම්භ කරන ලද තුරුලිය වෙනුවෙන් අපි වන වගා සංග්‍රාමයේ එක් අදියරක් ලෙස පසුගියදා ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් එච්. ජේ. එස් .ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ කල්ලාරු පාළම අසළ පැළ 500ක් රෝපණය කරන ලදි.

රට රකින ජාතිය ලෙස ශ්‍රීලංකා යුද්ධ හමුදාව මවුබිමේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂාකර රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගත් ආකාරයටම තුරුලතා සහ සතා සිවුපාවන් වනසමින් නැගීසිටින පාරිසරික ත්‍රස්තවාදින්ගෙන් පරිසරය බේරා ගැනිමේ උදාරතර වූ යුග මෙහෙවර ඉටු කිරිමේ චේතනාවෙන් තුරුලිය වෙනුවෙන් අපි වන වගා ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් පැළ 45000ක් , එහි දෙවන අදියර වශයෙන් විල්පත්තුව මරච්චිකඩිඩි ප්‍රදේශයේ පැළ 8000ක් සහ සිලාවතුර සිනත් නගර් ප්‍රදේශ‍යේ පැළ1000ක්, වශයෙන් රුක් රෝපණ ක්‍රියාවලිය සාර්ථකව පෙරට ගෙන එන ලදි.

එහි තවත් පියවරක් පෙරට තබමින් කල්ලාරු පාළම අසළ දී අඹ, අනෝදා, සුදු සදුන් වැනි මේ දිස්ත්‍රික්කයට ආවේණික ශාක රෝපණය කරන ලදි. මේ උදාරතර වැඩ සටහන ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ 21 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. පී. එන්. කේ. ජයපතිරණ මහතාගේ අධීක්ෂණ‍යෙන්, 213 බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස් .රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සහ හේමාස් අවුටිරිචි සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මියගේ උපදෙස් හා අනුග්‍රහය මත, එම උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

නව අදහස දක්වන්න