අත්අඩංගුවට ගත් 66ක් CID භාරයේ - 21ක් TID භාරයේ | දිනමිණ


 

අත්අඩංගුවට ගත් 66ක් CID භාරයේ - 21ක් TID භාරයේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 66ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, එමෙන්ම තවත් සැකකරුවන් 21ක් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාරයේ පසුවන බවයි.

මෙම ප්‍රහාරයට අදාළව සිදු කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලැප්ටොප් 23ක්, ඩෙක්ස්ටොප් පරිගණක 03ක්, ජංගම දුරකථන 138ක්, පරිගණක දෘඩ තැටි 30ක්, පෙන් ඩ‍්‍රයිව් 12ක් සහ සිම් කාඩ් පත් 142 ක් ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

නව අදහස දක්වන්න