රතුපස්වලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් | දිනමිණ

රතුපස්වලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විභාගය සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2013 වසරේ රතුපස්වල ජනතා විරෝධතාව අතරතුර ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 40 කට ආසන්න වෙති.

කර්මාන්ත ශාලාවකින් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපිරිසිදු වන බව පවසමින් ජනතාව වීදි බැස විරෝධතාවක නිරතවන අවස්ථාවේදී එලෙස වෙඩි තබා තිබිණ.

වෙඩි තැබූ බවට සැකකෙරෙන යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබී ය.

 

නව අදහස දක්වන්න