අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නෙට්බෝල් ශූරතාව මාතලේට | දිනමිණ

අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නෙට්බෝල් ශූරතාව මාතලේට

ශූරතාව දිනු මාතලේ පිල පුහුණුකාරිණි ඉනෝකා සේනාධිර මහත්මිය සමග

මාතලේ දිසා අන්තර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කණ්ඩායම සමත් විය.

තියුණු මුහුණුවරක්ගත් අවසන් තරගයේදී මාතලේ පිල හමුවේ ලකුණු 21-18කින් පරාජයට පත්වූ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨා කණ්ඩායමට අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය. ශූරතාව දිනු මාතලේ පිල ඊෂාරා ගුණතිලක විසින්ද අනුශූරතාව දිනු රත්තොට පිල අනුරාධි හංසිමා රත්නායක විසින්ද මෙහෙයවුහ. මාතලේ දිසා ක්‍රීඩා නිලධාරිණි ඉනෝකා සේනාධිර මහත්මිය විසින් සංවිධාන කළ මේ තරගාවලිය පසුගියදා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිගින් දිගටම මේ තරගාවලිය සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට සීමාවීම පිළිබඳවද මෙවර තරගාවලියේදී නිලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය. මාතලේ දිසාව තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකොළහක් ඇතත් මෙවර ඉදිරිපත් වු කණ්ඩායම් සංඛ්‍යාව තුනකි.

උදේශිකා රණසිංහ සහ යසන්ති කඩවතආරච්චි යන මහත්මිහු විසින් මේ තරගය විනිශ්චය කළහ.

අසෝක හිදගොඩ මාතලේ දිසා විශේෂ

නව අදහස දක්වන්න