නිවැරදි මූල්‍ය පාලනය කාර්යක්ෂම කාර්ය සාධනය රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට | දිනමිණ

නිවැරදි මූල්‍ය පාලනය කාර්යක්ෂම කාර්ය සාධනය රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට

නිවැරදි මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට හිමිවිය.

ඒ ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 3ක් තෝරා සම්මානයට පාත්‍ර කළ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් විය. සම්මාන ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුණි.

එම සම්මානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා වෙත පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වය යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පාලනය වන අතර අමාත්‍යාංශය මගින් පරිපාලිත සියලුම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කර ඇත. විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෝටර්ස් ඒජ් හෝටලය, එල්.එල්.ආර්.ඩී.සී සමාගම ලාභ තුන් ගුණයකින් පමණ වැඩිකරගෙන ඇත. එමෙන්ම විධිමත් සංවර්ධනයක් රට පුරා සිදු කරමින් සැමට සම්පත් බෙදී යන අයුරින් කුසලතා‍වයෙන් පිරිපුන් නවොත්පාදනයෙන් සපිරි හෙට දිනක් බිහිකරනට මහානගර අමාත්‍යාංශය ක්‍රියා කරයි.

නව අදහස දක්වන්න