තේරීම් කාරක සභාව ඔස්සේ වැදගත් කරුණු රැසක් අනාවරණය වුණා | දිනමිණ

තේරීම් කාරක සභාව ඔස්සේ වැදගත් කරුණු රැසක් අනාවරණය වුණා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාරයන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඔස්සේ වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.

තේරිම් කාරක සභාව වෙත පැමිණෙන ලෙස කැඳවීමක් සිදුකළහොත් පැමිණිය යුතු බවත් පැමිණ නොසිටින්නන් හට වසන් කිරීමට දේවල් ඇති බවත් සභානායකවරයා සඳහන් කෙළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ කරුණක් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මම මීටපෙරත් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා පසුගිය රජය අග්‍රවිනිශ්චයකාරතුමියට විරුද්ධව තේරීම් කාරක සභාවක් පත්කළා. අභියාචනාධිකරණයෙන් නියෝගයක් දුන්නා .ඒක නවත්වන්න කියලා. එතකොට කථානායකවරයාව සිටියේ චමල් රාජපක්ෂ මැතිතුමා.ඒත් නැවැත්තුවේ නැහැ. පැය විසිහතරෙන් නඩුව ඇහුවා. අපි හැමෝම පාර්ලිමේන්තුවේ හිටියා.

තේරීම් කාරක සභාව නඩුවක් නෙමේ. ඇත්ත වශයෙන්ම එතන සිදුවන්නේ සාක්කි එකතු කිරිමක්. එතකොට මේ තේරීම් කාරක සභාවේ සාක්කි භාවිත කරලා තමන්ගේ නඩුව ඔප්පුකර ගන්න පුඑවන්.මොකද තේරිම් කාරක සභාවේදි මෙතෙක් නොදත් කරුණු රාශියක් හෙළිදරව් වුණා. ඒකයි මේකේ වැදගත්කම. නඩුවලට කිසිම අගතියක් වෙන්නේ නැහැ.මේ නඩු ඔප්පු කරන්නනැත්නම් නිෂ්ප්‍රභා කරන්න කරුණු හමුවෙනවා.මේ තේරීම් කාරක සභාවට යන්න අකමැති, යන්නේ නැහැ කියන්නේ ඒ අයට හංගන්න දේවල් තිබෙන නිසා.උත්තර දෙන්න බැරිනිසා. මේ තේරීම් කාරක සභාවට ජනාධිපතිතුමාට, අගමැති තුමාට එන්න කිව්වොත් එන්න ඕන.ඒකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. කාටවත් එන්න බැහැ කියන්න බැහැ.

ඇමරිකාවෙත් සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයෙන් පසුව මේ වගේම කමිටුවක්පත්කළා.ඒක මුළු ලෝකෙම දැක්කා. එම නිසා කථානායකතුමනි මේ තේරීම් කාරක සභාවට යන්න අකමැති, යන්නේ නැහැ කියන්නේ ඒ අයට හංගන්න දේවල් තිබෙන නිසා.උත්තර දෙන්න බැරිනිසා.

පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට ශ්‍රේෂ්ඨාධිකරණයටවත්, අභියාචනාධිකරණයටවත්, නීතිපතිටවත් මැදිහත් වෙන්න බැහැ. ඒක මූලික නීතියක්.එම නිසා පාර්ලිමේන්තුව හෑල්ලූ කරන්න එපා.ඒ වගේම මම ප්‍රකාශ කරන්න ඕන මේ තේරීම් කාරක සභාවේ ප්‍රශ්න කිරීම ඉතා ජනප්‍රියයි .මොකද කලින් නොදත් කරුණු විශාල ප්‍රමාණයක් එළියට ආවා.

නව අදහස දක්වන්න