ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් එක් කරනවා | දිනමිණ

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් එක් කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

ඉදිරි සති දෙකේදී ජාතික විදුලි පද්ධතියට සූර්ය, සුළං ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් එක් කරන බව විදුලිබල හා බල ශක්ති ඇමැති රවි කරුණානා‍යක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.

මේ අනුව ජාතික විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 1100 ක විදුලි ධාරිතාවක් එක්වන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත උතුරු ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති ඒකකයක් ස්ථාපිත කිරීමට ඉන්දිය සමාගමක් ලබන සතියේදී බලාපොරොත්තු වන බවත් එමගින් උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී උද්ගත විදුලි අර්බුදයකදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය ඉතා වැදගත් බව පෙන්වාදුන් ඇමැතිවරයා අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම සමාගම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ මෙගාවොට් 100ක හා පූනරින් වල ‍මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බවත් පැවැසීය. ඇමැති රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නව අදහස දක්වන්න