රුහුණේ පීඨ කිහිපයක් වසා දැමේ | දිනමිණ

රුහුණේ පීඨ කිහිපයක් වසා දැමේ

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් ඊයේ දිනයේ වාර්තාවීම හේතුවෙන්.

උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන සහ සියලු පීඨාධිපතිවරුන් අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත්තේ, සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බවයි.

සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි.

එහිදී සිසුන් ඊයේ දිනයේ අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තේ ය.

 

 

නව අදහස දක්වන්න