සැකකරුවන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු දෙන්න | දිනමිණ


 

සැකකරුවන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු දෙන්න

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  අද නියෝග කළේ ය.

ඒ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටයි.

කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉම්රාන්, ඔහුගේ බිරිඳගේ සහ ඔහු සමග ඇසුරු කළේ යැයි කියන සැකකරුවන් කිහිප දෙනෙකුට අයත් බැංකු ගිණුම් පිළිබඳ විස්තර ය.

එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබන අගෝස්තු 21 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

 

නව අදහස දක්වන්න