ලෝක කුංෆු ශූරතාවලියේදී පදක්කම් දිනති | දිනමිණ

ලෝක කුංෆු ශූරතාවලියේදී පදක්කම් දිනති

යු. එම්. රුවන් දික්වැල්ල සමූහ

චිනයේ එම්ෂාන් නුවර පැවැති 8 වන ලෝක කුංෆු තරගාවලියට සහභාගි වු මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කුංෆු කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා විදුහලට මෙන්ට රටට කීර්තියක් රැගෙන ඒමට සමත්ව තිබේ.

රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000ක පමණ සභභාගිත්වයෙන් පැවැති තරගාවලියේදී මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දිහෙන් වින්දිව්, නනදාඔ ඉසව්වෙන් රිදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, නැංචුවන් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනාගත් අතර කෞෂල්‍යා කාවින්දි චැන්චුවාන් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද, සුපිපුන් දිසානායක තියිජිජියෑන් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනා ගත්හ. මේ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හිමිවූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 18කි. විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී පැවැත්විණි.

ඡායාරූපය - දික්වැල්ල සමූහ 

නව අදහස දක්වන්න