කොමර්ෂල් බැංකුව සිය ලෝයල්ටි ඩෙබිට් කාඩ්පත් වැඩසටහන ජැට් හෝල්ඩින්ග්ස් සමග පුළුල් කරයි | දිනමිණ

කොමර්ෂල් බැංකුව සිය ලෝයල්ටි ඩෙබිට් කාඩ්පත් වැඩසටහන ජැට් හෝල්ඩින්ග්ස් සමග පුළුල් කරයි

මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිඩි කා‍ඩ්පත් සමස්ත භාවිතය අතින් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව විසින් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ ‘සෙයලැක්’ ලෝයල්ටි පාරිභෝගිකයින් සඳහා ලෝයල්ටි ඩෙබිඩ් කා‍ඩ්පත් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් සමූහ සන්නාමයක් වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් ‘කොමර්ෂල් බැංකු-සෙයලැක් ලෝයල්ටි ඩෙබි‍ඩ් කාඩ්පත’ සඳහා ඒකාබද්ධ වෙමින් පක්ෂපාතී කොන්ත්‍රා ත්කරුවන්, වඩුකාර්මිකයින් සහ දැව භාණ්ඩ නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා කැපවී තිබේ.

මෙහිදී, ලියාපදිංචි ගනුදෙනුකරුවන්ට ජැට් හෝල්ඩින්ග්ස් වෙතින් සෙයලැක් වෝටර්බේස් දැව ආලේපන මිලදීගැනීමේදී ලෝයල්ටි ලකුණු රැස්කර ගත හැකි අතර කොමර්ෂල් බැංකුව විසින් සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ලබාදෙන සියලු ප්‍රතිලාභ, දීමනා සහ ප්‍රවර්ධනයන් ඔවුන්ට හිමිකර ගැනීමේ අවස්ථාව ලැබේ.

මේ සඳහා චිප් එකකින් සමන්විත නියර් ෆීල්ඩ් සන්නිවේදන (NFC ‘ටැප් ඇන්ඩ් ගෝ’ තාක්ෂණයෙන් සමන්විත කාඩ්පතක් කාඩ්පත් හිමියාගේ කොමර්ෂල් බැංකු ඉතිරි කිරීමේ ගිණුම් සමග සම්බන්ධ කරන අතර එම ගිණුම් වලින් මුදල් වියදම් කරන විට සෑම මාසයකම ලෝයල්ටි ලකුණු රැස්කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබාදී තිබේ. මෙසේ රැස්කර ගන්නා ලෝයල්ටි ලකුණු ඔවුන්ගේ ලෝයල්ටි ඩෙබිට් කාඩ්පත් මගින් වැය කළ හැක.

‘කාඩ්පත් හිමියෙකු රැස්කර ගන්නා සෑම ලකුණක්ම රුපියලක වටිනාකමට පරිවර්තනය කරනවා. මෙම මුදල් ඔවුන්ට ගනුදෙනු කිරීමේදී වියදම් කරන්න පුළුවන්. මෙසේ ජැට් හෝල්ඩිනිග්ස් සමග ඒකාබද්ධවීමේ අරමුණු වලින් ප්‍රධාන එකක් වන්නේ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන ගමන්ම බැංකු පද්ධතියෙන් විශාල ලෙස ප්‍රතිලාභ ලබාගත හැකි කණ්ඩායමක් වෙත එම අවස්ථාව ලබාදීමයි,’ යනුවෙන් මෙම වැඩසහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී, තුසිත සුරවීර මහතා පැවසීය.

නව අදහස දක්වන්න