ග්‍රීසියේ නව අගමැති මිට්සොටෝකිස් දිවුරුම් දෙයි | දිනමිණ

ග්‍රීසියේ නව අගමැති මිට්සොටෝකිස් දිවුරුම් දෙයි

කයිරියාකොස් මිට්සොටෝකිස් ග්‍රීසියේ නව අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේය. පසුගිය සති අන්තයේ පැවැති මහා මැතිවරණය ජයගත් මිට්සොටෝකිස්ගේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණේ ඇතෑන්ස් අගනුවර ජනාධිපති මන්දිරයේය. ඇතෑන්ස් ඇතුළු ග්‍රීසිය සඳහා වන සත්‍යලබ්දික දේවස්ථානයේ අගරදගුරුතුමන්ගේ මූලිකත්වයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අගමැතිවරයාගේ දිවුරුම්දීම සිදු වී තිබේ.

මේ අවස්ථාව සඳහා නව අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් සහ දේශපාලන හිතමිතුරන් එක්ව සිටි අතර රටේ ව්‍යවස්ථාවත්, උත්තරීතර නීතියත් ආරක්ෂා කරන බව සිය ධුරයේ වගකීම් බාරගනිමින් අගමැති මිට්සොටෝකිස් ප්‍රකාශ කළේය. රටේ බාරකරු ලෙසින් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පොරොන්දු මෙහිදී ඔහු පොරොන්දු විය. සභිකයන් 300දෙනෙකුගෙන් යුත් ග්‍රීක පාර්ලිමේන්තු සභාවේ ආසන 158ක් දිනාගැනීමට මිට්සොටෝකිස්ගේ පක්ෂය සමත් වූ අතර හිටපු අගමැති ඇලෙක්සි සිප්‍රාස් ප්‍රමුඛ සන්ධානයට දිනාගැනීමට හැකිවුණේ ආසන 86ක් පමණි. පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය දිනා ගැනීමට එක් පක්ෂයක් සමත් වුණේ දස වසරකට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 


නව අදහස දක්වන්න