ජපානයට එරෙහි චීන මහජන සටනේ 82වැනි සංවත්සරය සමරයි | දිනමිණ

ජපානයට එරෙහි චීන මහජන සටනේ 82වැනි සංවත්සරය සමරයි

ජපානයට එරෙහි චීන මහජන සටනේ 82වැනි සංවත්සරික උත්සවය චීනයේ බීජිං නගරයේ ලුගො පාලම ආසන්නයේ පිහිටි ජපානයට විරුද්ධ චීන මහජන සටන පිළිබඳ අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.

චීනයේ බලධාරීහු, එම සටනට එක් වූ භටයෝ, ඉන් මිය ගිය වීරයන්ගේ ඥාතීහු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, හමුදා නිලධාරීහු හා භටයෝ, සාමාන්‍ය ජනතාව ඇතුළු නියෝජිතයෝ 500කට වැඩි පිරිසක් ඊට එක්වූහ.

1937 වසරේ ජූලි මස 7වැනිදා රාත්‍රී, ලුගො පාලම ආසන්නයේ අභ්‍යාසයක නිරත ජපාන හමුදාව තම භටයෙක් අතුරුදන්වීම හේතුවෙන් යුද ප්‍රහාරයක් එල්ල කළේය. එය මුළු ලෝකයේ කම්පනයට පත් ජූලිහත සිද්ධිය ලෙසට සටහන් වේ. ජපාන අධිරාජ්‍යවාදයෙන් චීනයට එල්ල වූ අංගසම්පූර්ණ ආක්‍රමණික සටන එදා සිට ආරම්භ විය. ජපානයට විරුද්ධ චීන මහජන සටන ඒ සමඟින් ඇරඹිණි.

 


නව අදහස දක්වන්න