නයගරා ඇල්ලෙන් වැටණු අයෙකුගේ දිවි බේරෙයි | දිනමිණ

නයගරා ඇල්ලෙන් වැටණු අයෙකුගේ දිවි බේරෙයි

පුද්ගලයෙකු, නයගරා දිය ඇල්ලෙන් ඇදවැටීමේ පුවතක් විදෙස් වාර්තා පවසයි.

ප්‍රදේශය භාර පොලීසිය විසින් මෙම පුද්ගලයා සොයා ගෙන තිබුණේ, නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි.

අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති අතර ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත කි‍්‍රයාවක් බව ද බලධාරීන් සඳහන් කරයි.

මුදා ගැනුණු අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇතත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැහැ.

නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ. 

නව අදහස දක්වන්න