කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් 05 යළි රිමාන්ඩ් | දිනමිණ

කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් 05 යළි රිමාන්ඩ්

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විදේශීය ජාතිකයන් තිදෙනා ඇතුලු පස් දෙනා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (12) නියෝග කළේය

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උඩුගහපත්තුවගේ දොන් ඉන්දාජිත්  පත්මකුමාර, හලෝලුව කංකානම්ගේ චමික දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහ චම්ස් ඉෂාන් කවුඩා,(ඇමරිකානු ජාතික) ෆර්හාඩ් ෂකීර්, (ඇෆ්ගනිස්ථාන් ජාතික)ෂවුන් ඇන්තනී මාර්ෂල් යන ඇමරිකානුු, ජාතිකයන් වෙති.

ඉකුත් ජනවාරි මස 22 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්න කිරීමට ලක් කිරිමෙන් අනතුරුව රක්සිත බන්ධනාගාගර ගත කළ  සැකකරුවන් පස් දෙනා සම්බන්ධයෙන් පොලිස් මත්දාව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 ඩයිසැටමෝල් මෝෆීන් නොහොත් හෙරොයින් කිලෝ 95 ග්රූම් 88 ක් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පුද්ගලික ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවත්  පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල විදුලි සෝපානය අසලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවත් නිවස සහ වාහනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.

 

නව අදහස දක්වන්න