ධර්මසේනට උරණ වූ ජේසන් රෝයිට ICC යෙන් දඩ | දිනමිණ

ධර්මසේනට උරණ වූ ජේසන් රෝයිට ICC යෙන් දඩ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවැති අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණයකට අභියෝග කරමින් පිටියේ කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරුවෙකු කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, ජේසන් රෝයි වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක්ද නියම කෙරුණු බවයි.

මෙම තරගයේදී කුමාර් ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කල අතර ඔහු ලබාදුන් තීරණයක් සම්බන්දයෙනුයි ජේසන් රෝයි විරෝධය පළ කළේ.

ජේසන් රෝයි ලකුණු 85ක් ලබා සිටියදී ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරමින් කුමර් ධර්මසේන මෙම තීරණය ලබා දුන්නේය.

කඩුළු රකින්නා විසින් රැක ගත් උඩපන්දුවකින් ඔහු දැවී ගිය බවයි කුමාර ධර්මසේනගේ තීරණය වුණේ.

එහෙත්, පුනරූපන වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ එම පන්දුව කඩුළු රකින්නා විසින් රැක ගන්නේ පිත්තේ නොදැවටී බවයි.

ජේසන් රෝයි පිටියෙන් ඉවත්වූයේ ද විනිසුරු තීරණයට විරෝධය පළ කරමින්. 

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඒ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම නිසාවෙන්.

නව අදහස දක්වන්න