මෙරට නවතම ගම්මිරිස් පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි | දිනමිණ

මෙරට නවතම ගම්මිරිස් පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ සහ ලෝක බැංකුවේ සහාය ඇතිව පිළිගත් පොල් නිෂ්පාදන හා කුළුබඩු අපනයනකරුවෙකු වන ඇඩම්ජි ලූක්මන්ජි මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය සඳහා රුපියල් මිලියන 48.4 ක් ආයෝජනය කරඇත.

දේශීය ගම්මිරිස් නිෂ්පාදන ඉහළ නැංවීමටත් අපනයනය පුලුල් කිරීමට Adamjee Lukmanjee (Pvt) Ltd විසින් මෙම රුපියල් මිලියන 48.4 ක මුදලක් ආයෝජනය කර තිබේ. මෙම කර්මාන්ත ශාලාව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා විසින් විවෘත පසුගියදා ව්වෘත කලේය. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් අශෝක අලවත්ත, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ රොහානා ගමගේ, ආදම්ජි ලුක්මන්ජි සමූහයේ සභාපති කුසායිමා ටී යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

1865 දී පිහිටුවන ලද ඇඩම්ජි ලුක්මන්ජි සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයක් වන ඇඩම්ජි ලුක්මන්ජි (පුද්ගලික) සමාගම විසින් මෙම ශ්‍රී ලංකාවේ පළමු ගම්මිරිස් පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය කොළඹ ග්‍රෑන්ඩ්පාස් පාරේ පිහිටි පරිශ්‍රයේ ස්ථාපිත කරතිබේ. ගම්මිරිස් පිරිසිදු කිරීම සඳහා නව තාක්‍ෂණයන් භාවිතා කිරීමට දොරටු විවර කිරීමත් ඉහළ පෙළේ වෙළඳපොළ සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම මින් අපේක්ෂා කෙරේ.

ගම්මිරිස් නිෂ්පාදනය හා අපනයනය සඳහා වූ ශ්‍රී ලංකාවේ උපායමාර්ගය පහත වැටීමේ ප්‍රවණතාවයකට මුහුණ දී ඇති අවස්ථාවක උසස් තත්ත්වයේ නිෂ්පාදන අපනයනය කිරීමට පියවර ගැනීම විශේෂ කරුණකි. නිෂ්පාදනය කරන අමු ගම්මිරිස් පිරිසිදු කිරීම සඳහා ඉන්දියාවට අපනයනය කර පසුව අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ගෝලීයව අපනයනය කිරීම දැනට සිදු වේ.

ඇඩම්ජි ලුක්මන්ජි සමූහ ව්‍යාපාරය ගොවීන් හා ගොවි ප්‍රජාවන්ගෙන් සෘජුවම සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු කිරීමත්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් හැකිවන පරිදි දේශීය වටිනාකමින් යුත් ගම්මිරිස් අපනයනය මෙම වැඩසටහනෙහි අරමුණ ලෙස සඳහන් කරයි.

පමුදිනි සමරනායක 
ඡායාරූප- විමල් කරුණාතිලක


නව අදහස දක්වන්න