Samsung Galaxy A80 කරකැවිය හැකි ත්‍රිත්ව කැමරාව සමඟ | දිනමිණ

Samsung Galaxy A80 කරකැවිය හැකි ත්‍රිත්ව කැමරාව සමඟ

samsung ශ්‍රී ලංකා ආයතනය විසින් මෙගා පික්සල් 48 ධාරිතාවක් ඇති ලෝකයේ ප්‍රථම කරකැවිය හැකි ත්‍රිත්ව කැමරාව සමඟ එන Galaxy A80 දුරකථනය ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව කොලඹ Hilton Ballroomහි දී පැවැත්විණි . පරිපූර්ණ පුළුල් තිරයක් Samsung විසින් ප්‍රථමවරට හඳුන්වා දෙන කරකැවිය හැකි ත්‍රිත්ව කැමරා සහ intelligent battery එකක් ආදී නවතම විශේෂාංග රැසක් සමඟ පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාවෙයි.

”අප කරන සෑම දෙයකම කේන්ද්‍රය වන්නේ අපගේ පාරිභෝගිකයාය. එමෙන්ම ඔවුන් ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාවට වඩාත්ම ගැළපෙන උපාංග සොයාගෙන යනවා. අපගේ අත්දැකීම්, ගෝලීය හැකියාව සහ පාරිභෝගික වුවමනාවන් හ`දුනාගැනීමෙන් ආයතනය සන්නද්ධ වී ඇති නිසා සැමට ගැළපෙන අයුරින් සුවිශේෂී ලෙස ස්ථානගතකළ නව්‍ය නිෂ්පාදන වෙළ`දපළට හ`දුන්වා දෙන්න අපට පුළුවන්.” Samsung ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ මහතා පැවසීය. එසේම, ඒ මහතා තවදුරටත් ප්‍රකාශකර සිටියේ, ”සැමගේම අසමසම අවශ්‍යතාවයට ගැළපෙන පරිදි තෝරාගත හැකි දුරකථන මාදිළි රැසක් Galaxy A දුරකථන පෙළ හරහා හඳුන්වා දී ඇති අතර එමගින් ස්වකීය ආශාවන් සංතෘප්ත කරගැනීමේ අවස්ථාව මෙමගින් පාරිභෝගිකයන්ට විවර කරයි. සජීවී යුගය සමඟ පරිපූර්ණව ඒකාත්මික වීමට රුචි සැමට ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ උසස් හැකියාවන්ගෙන් පිරි විශේෂාංග රැසක් Galaxy A80 දුරකථනයේ හඳුන්වා දී තිබේ.

තමන් අවට ලෝකය අඛණ්ඩව ඡායාරූපයට හසුකරගැනීමේ හැකියාව ලබාදෙමින්Galaxy A80 දුරකථනයට Samsung ආයතනය විසින් කරකැවිය හැකි කැමරාවක් ප්‍රථම වතාවට හඳුන්වා දී තිබේ. දුරකථනය භාවිත කරන්නා camera app එක මගින්selfie mode එක තෝරාගත් විට දුරකථනයෙහි පසුපස ඇති කැමරා ත්‍රිත්වය ස්වයංක්‍රීයව pop-up වී ඉදිරියට කරකැවෙයි. මෙම අතිසුවිශේෂී නව්‍ය කැමරා යාන්ත්‍රණය මගින් ඉදිරිපස හා පසුපස ඡායාරූප ගැනීමේ දී ඉහළ තීව‍්‍රතාවය ඇති කාචයක් මගින් උසස් ඡායාරූප අත්දැකීමක් සමානව ලබාදෙන අතර මේ නිසා ගන්නා කිසිම ඡායාරූපයක තත්ත්වය ගැන දෙවරක් සිතීමට අවශ්‍ය නොවනු ඇත. මෙගා පික්සල් 48ක ධාරිතාවක් සහිත ප්‍රධාන කැමරාවෙන් දහවල් සහ රාත්‍රී කාලයන්හි දී විචිත්‍ර ඡායාරූප ගැනීමේ අවස්ථාව භාවිත කරන්නාට හිමිවේ. Galaxy A80 දුරකථනය සතු 3D Depth කැමරාව මගින් වස්තුව ස්කෑන් කර එහි මිනුම් සහ ගැඹුර ලබාගෙන සජීවී සුපැහැදිළි වීඩියෝ ලබාදේ. සාමාන්‍ය මිනිස් ඇසට දර්ශනය ලබාදෙන කෝණවලට සමානව නිර්මාණය කරඇති Ultra Wide angle කාච මගින් කැමති පුළුල් දර්ශන පරාසයක් නිවැරදිව ඡායාරූපයට හසුකරගැනීමේ අවස්ථාව උදාවේ.

සුමට සහ අඛණ්ඩත්වය සහතික කරමින් වෘත්තීය තලයේ ක්‍රියාකාරී වීඩියෝ අනවශ්‍ය චලනයන් අවම කරමින් පහසුවෙන් වීඩියෝ ගතකිරීම සඳහා මෙහි ඇති Super Steady වීඩියෝ mode එක ඔබට උදව්වේ. එමෙන්ම විවිධ දර්ශන වර්ග 30ක් දක්වා හැකිScene Optimizer විශේෂාංගය, ඔබ කැමරාව ක්ලික් කිරීමට කලින් ස්වංක්‍රීයව අඩුපාඩු හඳුනාගත හැකි තාක්ෂණය ආදී intelligent camera විශේෂාංග රැසක් මෙහි ඇතුළත් වේ.

සටහන-පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න