විල්පත්තුව නැවත රෝපණයට DSI සහය | දිනමිණ

විල්පත්තුව නැවත රෝපණයට DSI සහය

විල්පත්තුව වන රක්ෂිතය තුල නැවත වන වගාව රෝපණය කිරිමේ ජාතික වැඩසටහනට “අනාගතයට හුස්ම පොදක්” යන තේමාව යටතේ ඩී.සැම්සන් කර්මාන්තශාලාවද එක් වෙමින් ඊට උරදී තිබේ.

එම කර්මාන්තශාලාවේ සභාපති කුලතුංග රාජපක්ෂ මහතාගේ සහ කළමණාකාර අධ්‍යක්ෂක කසුන් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් එම කර්මාන්තශාලාවේ සේවක පිරිසගේ දායකත්වයෙන් කුඹක් ,හල්මිල්ල ,ආදී වටිනා පැල හයසියයක් පමණ කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා මධ්‍යස්ථානයේ නිලධාරින්ට භාරදීම ඉකුත්දා කුරුදුග හැතැප්ම ඩී.එස්.අයි. කර්මාන්ත ශාලා භූමියේදි සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට එහි කළමණාකාර එච්.ටි.ටි. නන්දික මානව සම්පත් කළමණාකාරීනි කෞශල්‍යා කරන්දෙණිය යුද හමුදා කදවුරේ ලුතිනන් කර්නල් ප්‍රසන්න ජයලාල්, මේජ්ර් ප්‍රමිත අපොන්සො, මේජ්ර අජන්ත වික්‍රමරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගිවූහ.

අයි.එම්.වී.සි. ගුණසේකර. 
ඇල්පිටිය සමුහ


නව අදහස දක්වන්න