මෙහෙම කළොත් ක්‍රිකට් ගොඩ | දිනමිණ

මෙහෙම කළොත් ක්‍රිකට් ගොඩ

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලාන වෙනුවෙන් මහේල ජයවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු වී , කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග සහ අවංකවම රට වෙනුවෙන් කැපවී ක්‍රීඩා කරන්න හැකි දක්ෂත ක්‍රීඩකයින් පමණක් එක්කර කණ්ඩායම නව මුහුණුවරක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවක ක්‍රීඩා කර ඒවායේ පරිසරයට අනුව ක්‍රිකට් ක්‍රීඩා කර දැනට T20 වර්තාගත ඉනිමක හොඳම පන්දු යැවීම් කර ඇති ( ඕවර 4.0 ලකුණු 6-7 ස්කොචර්ස් 2012–13 ) ලසිත් මාලිංග නමැති අපිට බිහි වූ දක්ෂතම ක්‍රීඩකයාට නායකත්ව අවස්ථාව ලබා දීම කාලෝචිතය.

එමෙන්ම 20/20 ලෝක කුසලානට මාස 2 කට කලින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඉතා හොඳ පුහුණු මාලාවක් ලබාගෙන (ඩේව් වෝට්මෝ , ඕවන් මාතාවෝ, අතුල සමරසේකර වැනි අයගෙන් උපදෙස් පුහුණු , ගුරුහරුකම් ලබාගැනීමද වැදගත් වේ .) දැනට තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම් සඳහා අවකාශ නොලත් අප ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වී ඒවා ජයගත යුතුව තිබෙන මේ අවස්ථාවේ මෙතෙක් කර ඇති වැරදි නිවරදි කර සුදුසුම ක්‍රීඩකයින් තෝරාගෙන මේ අවස්ථාවේදීවත් ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

වර්නන් තිසේරා 
ඔස්ට්‍රේලියාව

නව අදහස දක්වන්න