සමගියෙන් ජයමඟට | දිනමිණ

සමගියෙන් ජයමඟට

පසුගිය පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ පැවති ආගමික හා ජාතික සංහිඳියාව පළුදු විය. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කවර ජාතියකටවත් සමගියෙන් තොරව අභිමාන‍යක් ගොඩනැගිය නොහැකිය. ශ්‍රී ලාංකීය ජාතික හා ආගමික නායකයෝ යුද්ධය පැවති කාලයේද ජාතීන් හා ආගමිකයින් අතර සමගිය ආරක්ෂා කරගත්හ.

යුද්ධය නිමාවී දසවසරක් ගෙවීමටත් පෙර ඉස්ලාම් ආගමික අන්තවාදයක් හිස එසවීම දැයේ අවාසනාවකට වූ සිදුවීමකි. දැන් රටේ ආරක්ෂාව තර කර තිබේ. අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදිය යුතුය. විශේෂයෙන් විවිධ බලවේග අපේ රට ගිල ගැනීමට මේ මොහොතේ මානබලමින් සිටී. කුමන බලවේග පැමිණිය ද අප සමගි වූ විට ත්‍රස්තවාදයට තැනක් නැත. විදේශීය බලවේගවලට ද අපේ රටට අත පෙවිය නොහැකිය.

ළමයි අතරත් තරුණ පිරිස අතරත් වැඩිහිටියන් අතරත් ජාතික හා ආගමික සහජීවනය ගොඩනගමු. ජාති හා ආගම්භේද ඇතිකිරීමට දේශපාලකයන්ට ඉඩ නොදෙමු. ආගමික නායකයින් එක්වී රටේ දියුණුවට තීන්දු තීරණ ගතයුතු කාලයකි මේ. එමගින් සමගියට මග පෑදේ.

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති 
විතාරන්දෙණියේ වජිරවංස හිමි

 


නව අදහස දක්වන්න